Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි සම්මේලන නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන්

පාපැදි සම්මේලන නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන්

නාමල් පතිරගේ - 2020 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය (2020-22) ක්‍රීඩා අමාත්‍යාංශය බාරයට ගෙන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ වහාම පැවැත්වීමට තීරණය කර ඇතැයි සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ  මහතා පවසයි.

 ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා සංගම් විෂයභාරව කටයුතු කරන සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ පාපැදි සම්මේලනයේ මෙම වසරට නියමිත නිලවරණය කැඳවීම දිගින් දිගටම නොසළකා හැරීම හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝග හා උපදෙස් නොතකා හැරීම සැළකිල්ලට ගනිමින් පාපැදි සම්මේලනයේ නිලවරණය සිය අමාත්‍යාංශය භාරයේ පැවැත්වීමට තීරණය කළ බවයි.

වසර 2018-19 යන කාලසීමාවන්ට අයත් පාපැදි සම්මේලනයේ ගිණුම් වාර්තා විගණනය කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එහි ප්‍රධානීන්ට ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යාංශයේම පෙනී සිටින ලෙස දැනුම් දුන්නද ඔව්හු ඒ සඳහා සහභාගි නොවූහ. එයින් පසු ජාතික ක්‍රීඩා සංගම් විෂයභාර අධ්‍යක්ෂවරයා පාපැදි සම්මේලනයට ලිඛිතව දැනුම්දී ඇත්තේ ක්‍රීඩා පනතට අනුව පාපැදි සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් තමන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එය විශේෂ ගැසට් නිවේදනයක් මගින්ද තහවුරු කර ඇතැයි සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂවරයා පවසයි. ජාතික ක්‍රීඩා සංගම් පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රීඩා පනතේ සඳහන් විධි විධානයන්ට අනුව මෙයින් පසුව පාපැදි සම්මේලනය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය තීරණ තීන්දු ගන්නා බවත් ඔහු එහිදී පැවසීය.

කෙසේ වුවත් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී පාපැදි සම්මේලනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයට උත්තර බැඳීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවයි.

‘‘ක්‍රීඩා පනතට අනුව අපි පත්වෙලා ඉන්නේ අවුරුදු හතරක නිල කාලයකටයි. එය ගෙවෙන්න තවත් වසර දෙකක් තිබෙනවා. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශයට අපි තවමත් කියනවා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් නිලධාරි මණ්ඩලය ලෙස අපි තවදුරටත් කටයුතු කරනවා කියලා.

… ඒ නිසා ගිණුම් වාර්තා විගණනය නොවීම ගැන ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන කාරණාවලට උත්තර දෙන්න මේ මොහොතේ අපට අවශ්‍යතායකුත් නෑ.‘‘යැයිද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ක්‍රීඩා අමාත්‍යාංශය නිලවරණය කැඳවන ලෙස මීට පෙර කරන ලද දැනුම්දීමක් සම්න්ධයෙන් පාපැදි සම්මේලනයේ මෙතෙක් කටයුතු කළ නිලධාරි මණ්ඩලය වෙනුවෙන් සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට වෙත මීට පෙර එන්තරවාසියක්ද යවා තිබුණි.


අදහස් (0)

පාපැදි සම්මේලන නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.