Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සම්මේලනයත් සුනාමි සල්ලි ගිලලා

පාපන්දු සම්මේලනයත් සුනාමි සල්ලි ගිලලා

editorial - 2021 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------
නාමල් පතිරගේ
------------------

පාපන්දු සම්මේලනයට ලැබුණු  සුනාමි අරමුදල් අවභාවිත කර ඇතැයි කියන සිදුවීමක් ගැන කෝප් කමිටුව පසුගියදා පාපන්දු සම්මේලනයෙන් කරුණු විමසා සිටියේය. සුනාමියෙන් විපතට පත් ජනතාවට නිවාස 20ක් ඉදිකර ගැනීම සඳහා ලබාදුන් බව කියන ඩොලර් 200,000ක් වන මුදලක් ද පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු විසින් අවභාවිත  කර ඇතැයි කියන චෝදනාවන් ද කෝප් කමිටුවේ අවධානයට යොමු කර තිබේ.

කළුතර පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉතාලියේ පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමයක් විසින් ලබාදුන් බව කියන  යුරෝ 40,000ක් හෙවත් එකල ශ්‍රී ලංකාවේ මුදල් අගයට අනුව රුපියල් ලක්ෂ 60 ක වන මුදලක් ද ආසියානු පාපන්දු සමුළුව විසින් ශ්‍රී ලංකාවේ තරග පැවැත්වීම සඳහා ලබාදුන්  බව කියන තවත් එවැනිම යුරෝ 60,000ක මුදලක් අවභාවිත කර ඇතැයිද කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.

එහිදී ‘ඉතාලි’ පාපන්දු ක්‍රිඩකයන් පරිත්‍යාග කළ බව කියන යුරෝ 40,000ක මුදලක් හිටපු සභාපතිවරයකු සිය පෞද්ගලික ගිණුමකට බැර කර ඇතැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් ද කෝප් කමිටුව  අවධානය යොමු කර තිබේ.

සුනාමි මුදල් අවභාවිත කර ඇතැයි  කියන සිදුවීම සම්බන්ධයෙන් කෝප්  කමිටුව වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය ද දැඩි දෝෂ දර්ශනයට ලක්කර සිටියේය. සිදුවී ඇතැයි කියන මෙම මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවලට අනුව අධිකරණයේ නඩු පවරා තිබේ. එවන් පසුබිමක, එම නඩු කටයුතු අවසන් නොවී තිබිය දී, පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිවරයා විසින් එවැනි මුල්‍ය අක්‍රමිකතාවක් සිදු නොවුණු බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම බරපතළ කාරණයක් වන බව ද  කෝප් කමිටුව හමුවට පැමිණි පාපන්දු සම්මේලනයේ ප්‍රධානින් වෙත කෝප් කමිටු සභාපතිවරයා දැනුම් දී තිබේ.

 


අදහස් (0)

පාපන්දු සම්මේලනයත් සුනාමි සල්ලි ගිලලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.