Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානු සංචිතයට නවකයෝ 9 ක්

පාකිස්තානු සංචිතයට නවකයෝ 9 ක්

editorial - 2021 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භවන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 20 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු සංචිතය සඳහා තවමත් ටෙස්ට් වරම් හිමිකර නොගත් ක්‍රීඩකයින් 9 දෙනෙකු ඇතුළත්ව ඇත.

ජනවාරි 19 වනදා සියලුම ක්‍රීඩකයින් ජෛව ආරක්ෂිත බුබුලට ඇතුල් කරන බවත්, පළමු ටෙස්ට් තරගයට පෙර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගන්නා බවත් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ආරම්භක පිතිකරුවන් වන අබ්දුල්ලා ෂෆික් සහ ඉම්රාන් බට්, මැද පෙළ පිතිකරුවන් වන කම්රන් ගුලාම්, සල්මාන් අලි සහ සවුඩ් ෂකීල්, දඟ පන්දු යවන්නන් වන නූමන් අලි සහ සජිඩ් ඛාන්, වේග පන්දු යවන්නන් වන හරිස් රවුෆ් සහ ටබීෂ් ඛාන් 2020-21 දේශීය පළමු පෙළ ක්වයිඩ්-ඊ-අසාම් කුසලාන තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයට කැඳවා ඇත.

ක්වයිඩ්-ඊ-අසාම් අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ හසන් අලි එම තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් වසර දෙකකට පසු නැවත ටෙස්ට් සංචිතයට කැඳවා ඇත. එමෙන්ම පළමු පෙළ තරගාවලියේදී කඩුලු 22 ක් දවා ගනිමින් සහ ලකුණු 744 ක් රැස් කළ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් නවාස් ද ආපසු කැඳවා ඇති අතර ඔහු අවසන් වරට 2016 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සාජා හිදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේය.

ආරම්භක පිතිකරුවන් තිදෙනෙකු, මැද පෙළ පිතිකරුවන් හය දෙනෙකු, කඩුලු රකින්නන් දෙදෙනෙකු, දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සහ වේග පන්දු යවන්නන් සිව්දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත් තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ නවාස් සහ ෆහීම් අෂ්රෆ් ය. කෙසේ වෙතත්, ක්‍රයිස්ට්චර්ච් හි අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැරිස් සොහෙයිල්, මොහොමඩ් අබ්බාස්, ෂාන් මසූඩ් සහ සාෆර් ගොහාර් යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත්කර ඇත.

“හැරිස්, අබ්බාස් සහ ෂාන් හට ලාහෝර් හි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට කැඳවා ඇති අතර එහිදී ඔවුන්ගේ තාක්ෂණික දෝෂ පිළිබඳව ගැටළු සුදුසුකම් ලත් පුහුණුකරුවන් සමඟින් විසඳා ගැනීමට හැකිවනු ඇත. ක්‍රයිස්ට්චර්ච් හිදී පැවැති ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත් සාෆර්, ටෙස්ට් සහ සීමිත ඕවර ක්‍රිකට් යන අංශ දෙකෙන්ම ඉදිරියට ගෙන යෑම තේරීම් කමිටු සාමාජිකයින්ගේ දිගුකාලීන සැලසුම්වල කොටසක් වන අතර, ඔහුගේ ඉදිරි දක්ෂතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් සමඟ කටයුතු කරනු ඇත.

වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂාගේ ඇඟිලි තුඩුවල පවතින ආබාධයක් හේතුවෙන් තේරීම සඳහා සලකා නොබලන බවත් ඔහු සිය පුහුණු කටයුතු ළඟදීම ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ දී ආරම්භ කරනු ඇති බවත් පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය පැවසීය.

“ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන ටෙස්ට් සංචිතයට ඇතුළත් වූ සියලුම ටෙස්ට් වරම් හිමිකර නොගත් ක්‍රීඩකයින්ට මම සුබ පතනවා. මෙම ක්‍රීඩකයින් නව දෙනා දැන් පාකිස්තානය නියෝජනය කිරීමට පියවරක් තබා තියෙනවා. එනිසා ඔවුන්ට පියවරෙන් පියවර තම ශක්තිය සහ හැකියාවන් පෙන්වීමට කැපී පෙනෙන අවස්ථාවක් ඇති අතර අනාගත ජාත්‍යන්තර පැවරුම් සඳහා ඔවුන්ගේ ස්ථාන ශක්තිමත් කිරීමට හැකි වන පරිදි දැඩි ලෙස ඔවුන් ක්‍රියා කරයි” යනුවෙන් තේරීම් කමිටු ප්‍රධානී මොහොමඩ් වසීම් මහතා පැවසීය.
“තේරීම් කටයුතු වලදී මඟ හැරී ඇති ක්‍රීඩකයින් අමතක නොකල තේරීම් කමිටු ප්‍රධානී මොහොමඩ් වසීම් මහතා, 2021 වසරේදී අපගේ කාර්ය බහුලත්වය හේතුවෙන් ඔවුන්ගේ අවධානය රඳවා ගැනීමටත්, වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත් ඔවුන් දිරිමත් කිරීමටත් කටයුතු කළේය.

මෙයින් අදහස් කරන්නේ අවුරුද්දේ යම් අවධියක ඔවුන්ට කණ්ඩායම සමගින් එක්වීමේ අවස්ථා ඇති විය හැකි බවයි. එබැවින් මෙම ක්‍රීඩකයින් ඔවුන්ගේ යෝග්‍යතාවය සහ ආකෘතිය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරනු දැකීමට මා කැමතියි. එවිට ඔවුන්ට ඇමතුමක් ලැබෙන සෑම අවස්ථාවකම ජාතික කණ්ඩායම සමගින් එක්වීමට සූදානම්ව සිටින්න පුලුවන් යැයි තේරීම් කමිටු ප්‍රධානීයා පැවසීය.

පසුගිය තරගාවලියන්හිදී දක්ෂතා නොපෙන්වීම හේතුවෙන් හරිස් සොහෙයිල්, මොහොමඩ් අබ්බාස් සහ ෂාන් මසූඩ් ඉවත් කර ඇත. කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය මෙම දක්ෂ ක්‍රීඩකයින් සඳහා වන ආයෝජනය නාස්ති වීමට ඉඩ නොතබන අතර ඉහළ තාක්ෂණික කාර්ය සාධන මධ්‍යස්ථානයට කැඳවා එමඟින් ඔවුන්ගේ තාක්ෂණික අඩුපාඩුකම් නිරාකරණය කර නැවත ජාතික කණ්ඩායමට එක්කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ෂාන්ගේ මසූඩ් දුර්වල පිතිහරඹය අබීඩ් අලිගේ නව සහකරුට දොරටු විවර කර දී ඇති අතර අබ්දුල්ලා ෂෆික් හෝ ඉම්රාන් බට් එම ස්ථානය ගනු ඇත.


20 දෙනෙකුගෙන් යුත් පාකිස්තානු සංචිතය
බාබර් අසාම් (නායක), අබිඩ් අලී, අබ්දුල්ලා ෂාෆීක්, ඉම්රාන් බට්, අසාර් අලී, ෆවාඩ් අලාම්, කම්රන් ගුලාම්, සල්මන් අලී, සවුඩ් ශකීල්, ෆහීම් අෂ්රෆ්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන් (උපනායක), සර්ෆාස් අහ්මඩ්, නවුමන් අලී, සජිඩ් ඛාන්, යසීර් ෂා, හැරිස් රාවුෆ්, හසන් අලී, ශහීන් ෂා, ටබීෂ් ඛාන්.

 

- 2079


අදහස් (0)

පාකිස්තානු සංචිතයට නවකයෝ 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.