Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය අද (17) පස්වරුව දක්වාත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි. පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී තර්ජන ඇති බවට අග්‍රාමාත්‍ය කාර්යාලය පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමෙන් පසුව මෙම තත්ත්වය උද්ගත විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු සංචාරයට සහභාගි වීම ආරක්‍ෂක අමාත්‍යංශයේ නිර්දේශය මත රැඳී ඇති බවයි.
“මේ සංචාරයට සහභාගි වෙන්නද නැද්ද කියලා අපි අරක්‍ෂක අමාත්‍යශයෙන් ලිපියකින් විමසීමක් කරලා තියෙනවා. තවම එයට පිළිතුරක් ලැබී නෑ”
“කොහොම වුණත් අපට වගකීමක් බාරගන්න බෑ. ආරක්‍ෂක අමාත්‍යංශයෙන් කණ්ඩායම යවන්න කිව්වොත් අපි යවනවා. අපි ඒකට සූදානම්” යයි ශම්මි සිල්වා මහතා පැවසීය.
ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් දෙවැනි පෙළ කණ්ඩායමක් පාකිස්තානු සංචාරයට සහභාගි වීමට සූදානම්ව සිටින අතර එම කණ්ඩායම මේ මස 24 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෝ අද (17) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශාරිරික යෝග්‍යතා පරීක්‍ෂණයකට ද සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.