Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයෝ 4 ක් ශ්‍රී ලංකාවේ සිරවෙති

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයෝ 4 ක් ශ්‍රී ලංකාවේ සිරවෙති

යොහාන් භාසුර - 2020 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකාව තුළ හිරවී සිටින පාකිස්තානු ජාතික ක්‍රීඩකයන් සිවුදෙනකුට පහසුකම් සැළසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්ව සිටියි. එම ක්‍රීඩකයන්ට නැවත පාකිස්තානයට යෑමට අවශ්‍ය මැදිහත් වීමක් ලබාදීමට සහ අදාල ක්‍රීඩකයන් තව දුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින්නේ නම් ඔවුන්ට පහසුකම් ලබාදීමටත් ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

පානදුර, නුගේගොඩ සහ ගාල්ල ක්‍රීඩා සමාජ නියෝජනය කළ මෙම ක්‍රීඩකයන් සිව්දෙනා පාකිස්තානයට පිටත්ව යෑමට සූදානම්ව සිටිය ද ශ්‍රී ලංකාවේ ආගමන සහ විගමන අත්හිටුවීමෙන් මාසයකට වැඩි කාලයක් සිරවී සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ එම ක්‍රීඩකයන් නියෝජනය කළ ක්‍රීඩා සමාජ සමඟ සාකච්ඡා කළ බවත් ඒ අනුව අවශ්‍ය සහයෝගය ලබාදීමට එකඟ වූ බවත්ය.

“අපි ඒ ක්‍රීඩා සමාජ සමඟ සාකච්ඡා කළා. ඔවුන් කිව්වා බඩු ප්‍රවාහනය කරන ගුවන් යානයකින් හෝ මෙම ක්‍රීඩකයන් පිටත්කර හැරීමේ උත්සාහයක් තියෙනවා කියලා. අපිත් බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා” යැයි ක්‍රිකට් ආයතනයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දීය සහ පාකිස්තානු ක්‍රීඩකයෝ 60 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ. එහෙත් මෙම පාකිස්තානු ක්‍රීඩකයන් සිවුදෙනා හැර සෙසු සියලුම ක්‍රීඩකයන් සිය රටවල්වලට ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 


අදහස් (0)

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයෝ 4 ක් ශ්‍රී ලංකාවේ සිරවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.