Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පා පැදි විනිසුරු වැඩමුළුව 25 දා

පා පැදි විනිසුරු වැඩමුළුව 25 දා

editorial - 2021 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපැදි විනිසුරුවරුන් දැනුවත් කෙරෙන එක් දින පුහුණු වැඩමුළුවක් මෙම 25 වැනිදා ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමය කටයුතු යොදා තිබේ.

මෙම වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටී-කප් ජාත්‍යන්තර පාපැදි සවාරිය ඇතුළුව ප්‍රධානතම දේශීය පාපැදි තරගාවලිවලදී විනිසුරුවන්ගේ  කාර්යභාරය පිළිබඳව මෙම එක්දින වැඩමුළුවේදී දැනුවත් කෙරේ.  අන්තර්ජාතික පාපැදි ක්‍රීඩාවේ නව නීති රීති පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට ද මෙම වැඩමුළුව යොදා ගන්නා බව ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවසීය.

අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා මෙම වැඩමුළුව මෙහෙයවයි.  පාපැදි වැඩමුළුව පිළිබඳව වැඩි තොරතුරු දුරකතන අංක 0713196471 ඔස්සේ සංගමයේ ලේකම් සරත් චන්ද්‍රරත්න මහතා ඇමැතීමෙන් ලබාගත හැකිය.

 


අදහස් (0)

පා පැදි විනිසුරු වැඩමුළුව 25 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.