Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවීණයන්ගේ තරගාවලිය 1 - 2

ප්‍රවීණයන්ගේ තරගාවලිය 1 - 2

editorial - 2020 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ වොලිබෝල් සංගමය සංවිධානය කරන වාර්ෂික වොලිබෝල් තරගාවලිය ගම්පහ සියනෑ තරු ක්‍රීඩාංගණයේදී සහ ගම්පහ මහ නගර සභා ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි මස 1 සහ 2 දෙදින පැවැත්වේ.

මෙම තරගාවලිය වයස 35 න් ඉහළ කාන්තා (1984.12.31 වැනි දින හෝ ඊට පෙර උපන්), වයස 40 න් ඉහළ පිරිමි (1979.12.31 වැනි දින හෝ ඊට පෙර උපන්), වයස 50 න් ඉහළ පිරිමි (1969.12.31 වැනි දින හෝ ඊට පෙර උපන්) සහ වයස 60 න් ඉහළ පිරිමි (1959.12.31 වැනි දින හෝ ඊට පෙර උපන්) යන වයස් කාණ්ඩ හතර යටතේ පැවැත්වේ.

තරගාවලියේ කාණ්ඩ ශූරතා සහ අනුශූරතා සඳහා කුසලාන සමඟ මුදල් ත්‍යාග ද, කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට කුසලාන ද, පිරිනමන බව සංවිධායකයෝ පවසති.

මෙම තරගාවලියේදී ප්‍රවීණයන්ගේ වොලිබෝල් ජාතික පුහුණු සංචිතයට ක්‍රීඩකයන් තෝරාගැනීමට ද නියමිතය.

තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වන කණ්ඩායම් තරග කමිටු ලේකම් ඒ. ඒ. ජයතිස්ස, 171/1, අලුත්ගම, ගම්පහ ලිපිනයට මේ මස 28 වැනි දිනට පෙර අයැදුම්පත් යොමු කළ යුතුය. වැඩි විස්තර 0714-444430 දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.
 

- 048


අදහස් (0)

ප්‍රවීණයන්ගේ තරගාවලිය 1 - 2

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.