Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවීණ ක්‍රීඩකයාගෙන් තුට්ටු දෙකේ වැඩක්

ප්‍රවීණ ක්‍රීඩකයාගෙන් තුට්ටු දෙකේ වැඩක්

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්නල මෝටර් රථ ධාවන පථයේදී පැවැති මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මෝටර් රථ දෙකක් අනතුරකට ලක් වූ අතර ඉන් එක් පාර්ශවයකට සම්බන්ධ පුද්ගලයෙකු අනතුර සිදුවූ ස්ථානයට ගොස් අනෙක් පාර්ශ්වයේ රියැදුරුට ධාවන පථයේදීම තුළදීම පහරදෙන අයුරු දැකගත හැකි විය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය අතරතුර මෙය සිදුවූ අතර එහිදී දෙවැනි ස්ථානයේ ගමන්ගත් මෝටර් රථය සහ සිව්වැනි ස්ථානයේ ගමන්ගත් මෝටර් රථය එකිනෙක ගැටීමෙන් රථ දෙකම ධාවන පථයෙන් ඉවතට ඇදී ගියේය.

ඉන් එක් මෝටර් රථයක් ආරක්ෂක ටයර්වල ගැටී වැඩි අලාබහානියක් නොවී නතර වූ අතර අනෙක් මෝටර් රථය උඩු යටිකරු වී දැඩි ලෙස අලාබ හානි සිදුවිය.

අනතුරෙන් පසුව එම මෝටර් රථ දෙකේ රියැදුරන් දෙදෙනා අතර යම් බහින් බස්වීමක් සිදුවිය. ඒ මොහොතේ එතැන පැමිණි වැඩි අලාබ හානියක් නොවූ මෝටර් රථයේ රියැදුරුගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු අනෙක් රියැදුරාගේ කම්මුලට පහර දුන්නේය.  

එලෙස පහරදුන් තැනැත්තා ප්‍රවීණ මෝටර් රථ රියැදුරකු වන අතර ඔහු මෙම තරගාවලියේ තරගයටකටද සහභාගි වී ඉන් දෙවැනි ස්ථානය දිනා සිටියේය. පසුව අපට දැනගත හැකි වූයේ ඔහු අනතුරට ලක්වූ රියැදුරාගේ පියා වන බවත්, ඔහුට ධාවන පථයේ යම් අයිතිවාසිකමක් ඇති බවත්ය.

කෙසේ වුවත් ඕනෑම රියැදුරෙකුට තරගයක් අතරතුර යම් අසාධාරයක් සිදුවූ විට ඒ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට යම් ක්‍රමවේදයක් වේ. එසේ කරනු විනා තම තමන්ගේ බලපුළුවන් කාරකම් මත මෙලෙස කලහකාරී ලෙස හැසිරීම ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩාවේ ජීව ගුණයටද හානි ගෙනදෙන්නකි.

(ඡායාරූපය - ශානුක අරවින්ද)

 


අදහස් (0)

ප්‍රවීණ ක්‍රීඩකයාගෙන් තුට්ටු දෙකේ වැඩක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.