Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රංශ විවෘත තරගාවලිය සතියක් කල්යයි

ප්‍රංශ විවෘත තරගාවලිය සතියක් කල්යයි

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලිය සතියක් ප්‍රමාද වන බව සංවිධායකයෝ තහවුරු කරති. ඒ අනුව තරගාවලිය මැයි 30 සිට ජුනි 13 දක්වා පැවැත්වෙනු ඇත. ඒ වන විට කෝවිඩ් -19 සීමාවන් ලිහිල් කළහොත් එම ප්‍රමාද වීම හේතුවෙන් වැඩි ප්‍රේක්‍ෂක පිරිසකට තරගාවලිය නැරඹීම සඳහා අවස්ථාව උදාවනු ඇති බවද ප්‍රංශ ටෙනිස් සම්මේලනය පැවසීය.

මෙම තීරණය හේතුවෙන් සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීමට වැඩි කාලයක් ලබා දෙන බවත් රෝලන්ඩ්-ගැරෝස් හිදි ප්‍රේක්ෂකයින් පිළිගැනීමේ අවස්ථාව උපරිම කළ යුතු බවත් ප්‍රංශ ටෙනිස් සම්මේලනයේ සභාපති ගිලස් මොරෙටන් මහතා පවසයි.

ප්‍රංශ විවෘත තරගාවලියෙන් පසු මීළඟ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය වන විම්බල්ඩන් තරගාවලිය ජුනි 28 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මෙම තීරණය හේතුවෙන් එහි ආරම්භක දිනයට කිසිදු බලපෑමක් නොවන බව සංවිධායකයෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ.


- 2079


අදහස් (0)

ප්‍රංශ විවෘත තරගාවලිය සතියක් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.