Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රියන්තට රිදී පදක්කමක්

ප්‍රියන්තට රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ලන්ඩන් නුවර දැන් ක්‍රියාත්මක වන ලෝකශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය.


2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ටී-46 හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින්  රිදී පදක්කම දිනාගත් අතර ඔහු සිය ඉසව්ව මීටර 57.93 කින් නිමකිරීමට සමත් විය.


ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ ගුර්ජර් සන්ඩර් සිංග් විසින් (මීටර 60.36) දිනාගන්නා ලද අතර චීනයේ ගුවෝ චන්ලින්ග් විසින් ලෝකඩ පදක්කම දිනාගන්නා ලද අතර ඔහු විසිකරන ලද දුර ප්‍රමාණය මීටර 56.14 කි.


මෙවර ලන්ඩන් ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගී වූ අතර, අමරා ඉන්දුමතී (ටී-47 මීටර 200 සහ මීටර 800) සහ අනිල් ප්‍රසන්න (ටී-52 මීටර 200) සෙසු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙති.  
මෙම තරගාවලිය ජූලි 14 සිට 23 දක්වා ක්‍රියාත්මක වේ.


අදහස් (0)

ප්‍රියන්තට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.