Last Update  :  2024-03-27 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 10 දා

පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 10 දා

රොෂාන් ගුණරත්න - 2020 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරගාවලි කාල සීමාවට අදාලව තරගාවලි ව්‍යුහය තුළ වෙනස්කම් දෙකක් සිදුකිරීම සඳහා අති විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ (28 වැනිදා) කැඳවීය. එහිදී රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින්ගේ විශේෂ අනුමැතිය ඒ සඳහා ලැබුණි.

අදාළ සංශෝධිතයන් අතර සිව් දින වශයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි 8 වටයේ තරග සියල්ල තෙදින තරග වශයෙන්ද, මෙවර තරගාවලියේදී කණ්ඩායම් ඉහළ දැමීමක් හෝ පහත දැමීමක් සිදුනොකිරීමටද ඊයේ රැස්වුණු අති විශේෂ මහා සභා රැස්වීමේදී තීරණය වී තිබේ.

අදාළ සංශෝධිතයන් සඳහා අති විශේෂ මහා සභා රැස්වීමකදී අනුමැතිය ලබාගැනීමට සිදුවීම හේතුවෙන් කොරෝනා වයිරස් වසංගතයෙන් පසුව ජූලී 14 වැනිදා ආරම්භවිමට තිබූ අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය කල්දැමීමට සිදුවිය. අනුමැතිය ලබාගැනීමෙන් පසුව අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා ආරම්භ වන අතර අගෝස්තු 27 වැනිදා අවසන් කිරීමට නියමිතව ඇත.

තරග කාලසටහන


අදහස් (0)

පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 10 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.