Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු පෙළ ක්‍රිකට් තරගාවලි ජූලි 14 දා අරඹන්න සූදානම්

පළමු පෙළ ක්‍රිකට් තරගාවලි ජූලි 14 දා අරඹන්න සූදානම්

යොහාන් භාසුර - 2020 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් අතරමඟ අත්හිටුවූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි මස 14 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා තිබේ.
 
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සියලු තරග මේ වන විට පවත්වා අවසන්ව ඇති අතර ‘සුපිරි අට’ සහ ‘පළඟ’ යන තරගාවලි දෙක පැවැත්වීමට ඉතිරිව තිබේ.

‘සුපිරි අට’ වටයේ තරග සිවුදින තරග ලෙස පැවැත්වීමට නියමිතව තිබුණ ද එම තරග තෙදින තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග කමිටු සාමාජිකයකු පැවසුවේ සෞඛ්‍ය අවදානම හේතුවෙන් තරගයක් දින තුනකට සීමා කළ බවයි.

“අපි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලලා තියෙන්නේ. අවසර ලැබුණ හොත් අපිට තරගාවලිය නැවත ආරම්භ කරන්න පුළුවන්. තරග පැවැත්වීමට අවසරය හැර වෙනත් ගැටලුවක් නෑ”

“නව කාලසටහනට අනුව සතියේ දිනවලත් තරග පැවැත්වෙනවා. මහ මැතිවරණයට පෙර තරගාවලිය අවසන් කිරීම අපේ ඉලක්කය බවට පත්ව තිබෙනවා. ඒ නිසයි සතියේ දිනවලත් තරග පවත්වන්න තීරණය කළා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ කණ්ඩායම් මේ වන විට පුහුණුවීම් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී දේශීය තරගාවලිය මේ මස සිට ආරම්භ කිරීමට යෝජනා වී තිබුණි.   
මෙම තරගාවලියේ ‘සුපිරි අට’ සහ ‘පළඟ’ යන තරගාවලි ආරම්භ කිරීමට තිබියදී දිවයිනටම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් එය අත්හිටුවීමට සිදුවිය.

 


අදහස් (0)

පළමු පෙළ ක්‍රිකට් තරගාවලි ජූලි 14 දා අරඹන්න සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.