Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු පෙළ ක්‍රිකට් ඇරඹීමට සාමාජිකයන්ගේ අනුමැතිය

පළමු පෙළ ක්‍රිකට් ඇරඹීමට සාමාජිකයන්ගේ අනුමැතිය

යොහාන් භාසුර - 2020 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් අතරමඟ අත්හිටුවූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සංශෝධන සහිතව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ මහ සභා රැස්වීමේදී සාමාජිකයෝ අනුමැතිය දුන්හ. තරගාවලිය ආරම්භ කිරීම සඳහා සාමාජිකයන්ගේ අනුමැතිය ලබාගැනීමට විශේෂ මහ සභා රැස්වීමක් ඉකුත් 28 වැනිදා පෙරවරුවේ ජයික්හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

මෙම රැස්වීම විනාඩි 30 කටත් අඩු ඉතාමත් කෙටි කාලයක් පැවැත් බව ද වාර්තා වේ.
අත්හිටුවූ තැන සිට වෙනස්කම් කීපයක් සමඟ සෞඛ්‍ය නිර්දේශ අනුව තරගාවලිය ලබන අගෝස්තු මස 10 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබේ. මෙම විශේෂ මහ සභාවේදී ‘සුපිරි අට’ වටයේ තරග තෙදින තරග ලෙස පැවැත්වීම සහ කණ්ඩායම් උසස් කිරීමට සහ පහළ දැමීමට තරග නොපැවැත්වීම යන තීරණ කැපී පෙනුණි.  

කණ්ඩායම් උසස් කිරීමේ සහ පහළ දැමීමේ තරග නොපැත්වීම නිසා ‘බී’ කාණ්ඩයේ මෙවර තරගාවලිය අවසන් කිරීමට සිදුවනු ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය.    

‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස 20 වැනිදා දිවයිනටම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පනවන විට මෙම තරගාවලියේ පළමු වටයේ සියලු තරග අවසන් කර ‘සුපිරි අට’ සහ ‘පළඟ’ යන තරගාවලි දෙක ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

 


අදහස් (0)

පළමු පෙළ ක්‍රිකට් ඇරඹීමට සාමාජිකයන්ගේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.