Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු තරග දෙකම පරාජය වෙයි

පළමු තරග දෙකම පරාජය වෙයි

Nisanka Sandeepani - 2017 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ නකෝන්හි රැට්හසීමා නුවරදී රටවල් 13 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු වයස 23 න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකාව අද (14) වන විට එතෙක් සහභාගී වී සිටි මූලික වටයේ තරග දෙකෙන්ම පරාජයට පත්ව සිටියේය. මෙම පරාජයන් දෙක හේතුවෙන් තරගාවලිය ආරම්භයේදීම අවසන් වටයේ බලාපොරොත්තු අත්හැර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. 

සෙනසුරාදා (13) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව චීන තායිපේ පිල හමුවේ වට 3-0 කින් පරාජය විය. ඒ ලකුණු 25-15, 25-14 හා 25-10 ක් වන පරිදිය. ශ්‍රී ලංකාව සිය දෙවැනි තරගයේදී කසකස්තානයට එරෙහිව ඊයේ (14 වැනිදා) තරග කළ අතර එහිදීද ශ්‍රී ලංකාවේ පරාජය වාර්තා වූයේ වට 3-0 ක් ලෙසටය.  ලකුණු 25-14, 25-08 සහ 25-12 කට එම තරගය ජය ගැනීමට එහිදී කසකස්තාන ක්‍රීඩිකාවෝ සමත්වූහ. 

කෙසේ වුවත් ශ්‍රී ලංකාවට මූලික වටයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබෙන අතර එම තරගය හෙට (15) ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වේ. මූලික වටයේ තරග ද එයින් නිමාවට පත්වන අතර අවසන් වටයේ තරග අනිද්දා (16) ආරම්භ වීමට නියමිතය. 

හෙට තරගය ජය ගැනීමෙන් පමණක් අවසන් වටයට පිවිසීමේ අපේක්‍ෂාව ශ්‍රී ලංකාවට ඉටුකරගත නොහැකි බැවින් එතැන් සිට ඔවුන්ට සිදුවනු ඇත්තේ තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරග වටයට මුහුණදීමටය. කෙසේ වුවත් ඕස්ටේ්‍රලියාව පෙරේදා පැවැති මූලික වටයේ තරගයේදී සිය පළමු තරගයෙන් කසකස්තානයට වට 3-2 කින් පරාජයට  පත්වූ අතර ඔවුන් මූලික වටයේ සහභාගී වන දෙවැනි තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබුණි. 

මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය ලබන සෙනසුරාදා හා ඉරිදා (20 සහ 21) යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 


අදහස් (0)

පළමු තරග දෙකම පරාජය වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.