Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු යවන්නෝ බංග්ලා ටයිගර්ස් පිල බේරාගනිති

පන්දු යවන්නෝ බංග්ලා ටයිගර්ස් පිල බේරාගනිති

editorial - 2019 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ නදර්න් වොරියරස් කණ්ඩායම අතර ඊයේ (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය නදර්න් වොරියරස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96 ක් පමණි. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ඔන්ඩි්‍ර රසල් පන්දු 25 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ ලයෑම් ප්ලන්කට් අතට උඩ පන්දුවක් දෙමින් රසල් දැවී යෑමත් සමග වොරියර්ස් කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූ අතර නායක ඩැරන් සැමීටද පන්දු 2 කට පමණි.  ඩේවිඩ් වයිස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් සැමී එක් ලකුණකට දැවී ගියේය.

වොරියර්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා ඬේවිඞ් වයිස් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට සිදුවූ නමුත් කඩුලු 2 ක්ද දවාගනිමින් එම ඕවරය ලකුණු 6 කට සීමා කළ වයිස් තරගයේ වීරයා බවට පත් විය. එම කඩුලු 2 ත් සමගින් සිය ඕවර 2 තුළදී ලකුණු 14 කට ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 3 කි.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 102 ක් ලබාගත් අතර අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ රූබී ෆ්‍රෑන්ක්ලින් පන්දු 12 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරුවන් වූ ඇන්ඩි්‍ර ෆ්ලේචර් (22) සහ රිලී රූසොව් (21) පලමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ටයිගර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 15 කදී වාර්තා වූ ෆ්ලෙචර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 15 කදී වාර්තා වූ රූසොව්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.

බංගල් ටයිගර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 102  
(ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 22, රිලී රූසොව් 21, රූබි ෆ්‍රෑන්ක්ලින් නොදැවී 36, රයඩ් එමිර්ට් 16/2)

නදර්න් වොරියර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 96
(ලෙන්ඩිල් සිමන්ස් 15, ඔන්ඩි්‍ර රසල් 41, අසේල ගුණරත්න 10, සෑම් බිලින්ස් නොදැවී 13, ඩේවිඩ් වයිස් 14/3)

-036


අදහස් (0)

පන්දු යවන්නෝ බංග්ලා ටයිගර්ස් පිල බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.