Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්

පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්

ශනුක අරවින්ද - 2017 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙකු ලෙස නම් කිරීමට සංවිධායකයන් ගත් තීරණය වැඩි දෙනාගේ කතාබහට ලක්විය.

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගයේදී මෙම සිදුවිම දක්නට ලැබිණි. එම තරගය අතරතුර අවස්ථා කිහිපයකදීම මෙම නවක ක්‍රීඩකයා ධාවන පථයෙන් ඉවතට පැන තමාට ඉදිරියෙන් ගිය තරගකරුවා පසුකර යෑමට උත්සාහ ගත් අයුරුද දැකගත හැකිවිය.

එහිදී ඔහුගේ මෝටර් රථය කිහිප වරක්ම ධවන පථයෙන් ඉවත සිට තරගය නරඹමින් සිටි ප්‍රේක්ෂකයන් අසලටම ඇදි ගියේය. වරෙක ඔහු තරගකරුවන්ගේ ආරක්ෂාව සඳහා ධාවන පථයේ වංගු සහිත පෙදෙසක අතුරා තිබූ ටයර සමූහයක් මතින් සිය මෝටර් රථය පැදවූ අයුරුද දක්නට ලැබිණි.

එලෙස අනතුරුදායක අයුරින් ඔහු සිය මෝටර් රථය පැදවුවද, කළු පැහැති කොඩිය පෙන්වා ඔහු තරගයෙන් ඉවත් කිරීමට හෝ ඔහුට අනතුරු ඇඟවීමට එම තරගය නිරීක්ෂණය කළ කිසිදු විනිසුරුවරයෙකු ඉදිරිපත් නොවීම බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

තරග නීතිරීති උල්ලංඝණය වන ආකාරයේ ධාවනය කිරීමට එරෙහිව විනය පියවර ගැනීම වෙනුවට ඔහුට දෙවැනි ස්ථානයට හිමි කුසලාන පිරිනැමීමට සංවිධායකයින් කටයුතු කිරීම සෙසු තරගකරුවෝ විවේචනය කළහ.

මෙම සිදුවීමට සම්බන්ධ නවක ක්‍රීඩකයාගේ පියා හිටපු ප්‍රවීණතම මෝටර් රථ තරග රියැදුරකු මෙන්ම මෝටර් රථ ක්‍රීඩා සමාජයක ඉහළ නිලධාරියෙකු බවත්, එම නිසා නවක ක්‍රීඩකයාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට සංවිධායකයන් පසුබට වූ බවත් මෙම සිදුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට දැනගන්නට ලැබිණ.

ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණි.

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.