Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නුවනිඳු - ක්‍රිෂාන් එස්.එස්.සී පිලට ජය ගෙනෙති

නුවනිඳු - ක්‍රිෂාන් එස්.එස්.සී පිලට ජය ගෙනෙති

editorial - 2021 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 61) සහ  ක්‍රිෂාන් සංජුලගේ (50) අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (7 වැනිදා) පැවැති තරගයකදී මූවර්ස් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට එස්.එස්.සී පිල සමත්විය. මෙම තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුලින්ම පන්දුවට පහරදුන් මූවර්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ඇරඹූ එස්.එස්.සී පිල ඕවර 19.3 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කර පසුකර යෑමට සමත්විය.

තවත් තරග 7 ක් අද පැවැති අතර එහිදී රාගම, කෝල්ට්ස්, බදුරලිය, යුදහමුදාව, කුරුණෑගල යොවුන්, එන්.සී.සී සහ සී.සී.සී යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

නුවනිඳු ප්‍රනාන්දු සහ  ක්‍රිෂාන් සංජුල (එස්.එස්.සී), තිලකරත්න සම්පත් (බදුරලිය), දිනෙත් ජයකොඩි සහ ඇන්ජලෝ පෙරේරා (එන්.සී.සී), මිනෝද් භානුක (සී.සී.සී) අර්ධ ශතක රැස්කරමින් පිතත්තෙන් දස්කම් දැක්වූ අතර නිමන්ද මධුසංක (බදුරලිය) කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

එස්.එස්.සී පිලට කඩුලු 7 ක ජයක්
මූවර්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

මූවර්ස්  - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 156
(පබසර වඩුගේ 43, මහේල උඩවත්ත 38, මොහොමඩ් ශමාස් 29, ජීවන් මෙන්ඩිස් 24, කළණ පෙරේරා 18/2
එස්.එස්.සී  - ඕවර 19.3 කදී කඩුලු 3 ක් දැවී 159
(ක්‍රිෂාන් සංජුල 50, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 61, අදීෂ තිලංචන 21/2)

රාගම පිලට කඩුලු 2 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී 118
(සිතාර ගිම්හාන් 22, යොහාන් මෙන්ඩිස් 25, රවිඳු ප්‍රනාන්දු 25, බිනුර ප්‍රනාන්දු 22/3, ඉෂාන් ජයරත්න 24/3)
රාගම - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 119
(ඉෂාන් ජයරත්න 22, ශිරාන් ප්‍රනාන්දු 20/3, ප්‍රමෝද් මධුශාන් 27/3)


කෝල්ට්ස් පිලට ලකුණු 50 ක ජයක්
ගුවන් හමුදාව සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 177
(සංගීත් කුරේ 37, හේෂාන් ධනුෂ්ක 25, ප්‍රියමාල් පෙරේරා 23, ධනංජය ලක්ෂාන් 31, ජෙහාන් ඩැනියෙල් නොදැවී 44, ලසඳ රුක්මාල් 38/3, අසන්ත සිංගප්පුලි 23/2, නිමේෂ මෙන්ඩිස් 50/2)
ගුවන් හමුදාව - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී 127
(උදයවංශ පරාක්‍රම 28, චාමර ප්‍රනාන්දු 33, නලින් ප්‍රියදර්ශන 17/3, සංගීත් කුරේ 19/3, රොහාන් සංජය 26/2)

බදුරලිය පිලට කඩුලු 5 ක ජයක්
ගාල්ල සහ බදුරලිය කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

ගාල්ල  - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 114
(එරංග රත්නායක 30, ඉමේෂ් උදයංග 23, නිමන්ද මධුසංක 19/5)
බදුරලිය - ඕවර 15.5 කදී කඩුලු 5 ක් දැවී 115
(තිලකරත්න සම්පත් 55, යශෝධ ලංකා 29, නිමේෂ් පෙරේරා 26/2)

යුදහමුදා පිලට කඩුලු 7 ක ජයක්
යුදහමුදාව සහ පානදුර කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

පානදුර - ඕවර 17.3 කදී සියලුදෙනා දැවී 75
(කොෂාන් ධනුෂ්ක 25, යශෝධ මෙන්ඩිස් 14/3, මහේෂ් තීක්‍ෂණ 11/2, සීකුගේ ප්‍රසන්න 18/2)
යුදහමුදාව - ඕවර 11.2 කදී කඩුලු 3 ක් දැවී 76
(දුශාන් විමුක්ති 22, අසේල ගුණරත්න නොදැවී 31)

කුරුණෑගල යොවුන් පිලට ලකුණු 55 ක ජයක්
 කළුතර නාගරික සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

කුරුණෑගල යොවුන් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 161
(ගයාන් මනීෂාන් 30, ධනුෂ්ක ධර්මසිරි 34, මුදිත ප්‍රේමදාස නොදැවී 39, සමීර සඳමාල් 27, ඉන්සක සිරිවර්ධන 28/2)
කළුතර නාගරික - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 106
(පන්සිලු දේශාන් 23, ළහිරු ජයරත්න 08/2, සමීර සඳමාල් 15/2, රන්ධීර රණසිංහ 29/2)

එන්.සී.සී පිලට ලකුණු 120 ක ජයක්
එන්.සී.සී සහ ලන්කන් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 169
(දිනෙත් ජයකොඩි 57, ඇන්ජලෝ පෙරේරා නොදැවී 57, සාලිය සමන් 32/3, රොෂාන් ජයතිස්ස 35/2)
ලන්කන් - ඕවර 13.1 කදී සියලුදෙනා දැවී 49
(චාමික ගුණසේකර 05/3, චාමික කරුණාරත්න 09/3, අෂේන් ඩැනියෙල් 05/2)

සී.සී.සී පිලට කඩුලු 7 ක ජයක්
සී.සී.සී සහ මීගමුව කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

මීගමුව  - ඕවර 20 කදී සියලුදෙනා කඩුලු 9 ක් දැවී 155
(ළහිරු මිලන්ත 39, ඇන්ජලෝ ජයසිංහ 40, රොම්කෝ තටිල් 34, )
සී.සී.සී - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 161
(මිනෝද් භානුක නොදැවී 85, අෂාන් ප්‍රියංජන් 50)


අදහස් (0)

නුවනිඳු - ක්‍රිෂාන් එස්.එස්.සී පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.