Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ කල්දාන්නැයි කළ ඉල්ලීම අමාත්‍යංශයෙන් ඉවතට

නිලවරණ කල්දාන්නැයි කළ ඉල්ලීම අමාත්‍යංශයෙන් ඉවතට

නාමල් පතිරගේ - 2020 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහ මැතිවරණය හේතුවෙන්  නිලවරණය කල් දැමීමට ජාතික ක්‍රීඩා සංගම් කීපයක් කළ ඉල්ලීම් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය කළ නියමයට අනුව මෙම වසරට නිලවරණය කැඳවිය යුතු ජාතික ක්‍රීඩා සංගම් අගෝස්තු මස 31 වැනිදාට පෙර එම නිලවරණය පවත්වා අවසන් කළ යුතු බව ජාතික  ක්‍රීඩා සංගම් විෂය භාරව කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම වසරට ජාතික ක්‍රීඩා සංගම් 29ක පමණ නිලවරණය පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

 පසුගිය  මාර්තු 20 වැනිදා සිට රට තුළ උද්ගතවූ කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසරේදී නිලවරණ කැඳවිය යුතු ජාතික ක්‍රීඩා සංගම් සඳහා අගෝස්තු 31 වැනිදා දක්වා සහන  කාලයක් ලබාදී තිබේ.

ජාතික ක්‍රීඩා පනතේ සංශෝධිත රෙගුලාසි හා විධානයන්ට අනුව ජාතික ක්‍රීඩා සංගම් නිලරණ වසරේ මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුය. එහෙත් ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානින් කීපදෙනෙකු ‘ලංකාදිප’යට පැවසුවේ මහ මැතිවරණය ප්‍රකාශ  වී ඇති නිසාත් එය පවත්වා අවසන් කිරීමෙන් පසුව රට තුල එළඹිය හැකි හදිසි තත්ත්වයන් නිසා අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණ කැඳවීම සම්බන්ධයෙන් තමන් දෙගිඩියාවෙන් පසුවන බවයි.

ගිණුම් වාර්තා  විගණනය කර අවසන් කළ යුතුව තිබීමත් දින 45කට පෙර නිලවරණය කැදවීමේ නිවේදනය නිල වශයෙන් අදාළ ජාතික ක්‍රීඩා සංගම්හි සාමාජිකත්වය වෙත දැනුම්දීමක් මෙම කටයුත්තේදී අනිවාර්යවේ.

‘ලංකාදීප’ය කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

‘‘මහ මැතිවරණය යෙදෙන්නේ අගෝස්තු 5 වැනිදායි. එයින් පසුවත් අගෝස්තු මාසය තුළ නිලවරණය පවත්වා අවසන් කරන්න තවත් දින ගණනාවක් තිබෙනවා. ඒ නිසා මැතිවරණය ඔය කියන ආකාරයෙන් නිලවරණ කැඳවන්න බාධාවක් වන්නේ නෑ.’’

ඔහු වැඩිදුරටත් පැවසුවේ අගෝස්තු 31 වැනිදාට පෙර අදාළ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණය  කැඳවීමට අපොහොසත් වන්නේ නම් ඒවායෙහි එතෙක් කටයුතු කළ නිලධාරී මණ්ඩලයට තනතුරු අහිමිවන බවයි.

 


අදහස් (0)

නිලවරණ කල්දාන්නැයි කළ ඉල්ලීම අමාත්‍යංශයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.