Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ කමිටු සාමාජිකයන්ටත් රුපියල් 60,000 ක්

නිලවරණ කමිටු සාමාජිකයන්ටත් රුපියල් 60,000 ක්

editorial - 2021 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

------------------
නාමල් පතිරගේ
------------------

ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ මෙහෙයවන කමිටු සඳහා ගෙවීම් කිරීමේදී එහි එක් සාමාජිකයකුගේ දීමනාව උපරිම වශයෙන් රුපියල් 60,000ක් පමණක් විය යුතු බවට ක්‍රීඩා අමාත්‍යාංශය චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ.  ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා නිකුත් කර තිබෙන එම චක්‍රලේඛනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු පොදු කාරක සභා රැස්වීමේදී (කෝප් කමිටුවේදී) ජාතික ක්‍රීඩා සංගම් සිය නිලවරණ මෙහෙයවන කමිටු සඳහා විවිධ ආකාරයෙන් ගෙවීම් කටයුතු සිදු කරන බවට කරුණු අනාවරණය වී තිබෙන බවයි.

මීට පෙර අවස්ථාවකදී, වසර 2019 සැප්තැම්බර් 27 වැනිදා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියකට අනුව ජාතික ක්‍රිඩා සංගම්හි නිලවරණ කමිටු සඳහා රාජ්‍ය මුදල් චක්‍රලේඛනයන්ට අනුව ගෙවීම් කළ යුතු බව සඳහන් කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම නියෝගය සියලුම ජාතික ක්‍රීඩා සංගම්හි ලේකම්වරුන් වෙත අදාළ චක්‍රලේඛනයක් මගින් දන්වා යවා තිබේ.

අප්‍රේල් 22 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී හෙළිවූයේ මැයි 30 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය මෙහෙයවන ත්‍රිපුද්ගල කමිටුව සඳහා රුපියල් ලක්‍ෂ 20කට ආසන්න මුදලක් ගෙවන බවයි. එහෙත් එවන් ගෙවීමක් කිරීම කෝප් කමිටුවේ දැයි දෝෂදර්ශනයට ලක්වූ බව ද වාර්තා විය.

ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ මෙහෙයවන කමිටු සඳහා ගෙවීම් කිරීම ආරම්භ වූයේ වසර 2019 සැප්තැම්බර් 29 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛනයකට අනුවය. ඒ සඳහා රාජ්‍ය මුදල් චක්‍රලේඛන අනුගමනය කරන ලෙසත් එමගින් වැඩිදුරටත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබුණි. නිලවරණ කමිටු සඳහා උපරිම ගෙවීමක් නියම කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛනයේ පිටපතක් කෝප් කමිටුව වෙත යොමු කිරීමට ද ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ.

මුදල් අමාත්‍යාංශය වසර 2016 ජනවාරි මාසයේ නිකුත් කළ රාජ්‍ය මුදල් චක්‍රලේඛනයට අනුව රජයට අවශ්‍ය හදිසි සේවා ඉටුකිරීම වෙනුවෙන් ගාස්තු ගෙවීම දක්වා තිබේ.
එම චක්‍රලේඛනය රජයේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ලේකම්වරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ දින 60ක් නොඉක්මවන කෙටි කාලීන පදනමක් මත ලබාගන්නා හදිසි සේවාවන් වෙනුවෙන් බාහිර පුද්ගලයකු, පුද්ගලයන් කණ්ඩායමකට හෝ විශ්‍රාමික රජයේ නිලධාරීන්ට උපරිම රුපියල් 60,000 කට සීමා කරමින් ගෙවීම් ලබාදිය යුතු බවයි.

එසේම එම ගෙවීම් අත්තිකාරම් මුදල් ලෙස නොගෙවිය යුතු බවත් අදාළ කාර්යන් ඉටුකර ගැනීමෙන් පසුව පමණක් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ පෞද්ගලික අනුමැතිය ලබා එම ගෙවීම් සිදුකළ යුතු බවත් මුදල් අමාත්‍යාංශයේ 2016 මක්‍රලේඛනයේ දැක්වේ.

ජාතික ක්‍රීඩා සංගම්හි නිලවරණ මෙහෙයවන කමිටු ගෙවීම් සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපයෝගි කරගෙන ඇත්තේ එම චක්‍රලේඛනයයි.

 


අදහස් (0)

නිලවරණ කමිටු සාමාජිකයන්ටත් රුපියල් 60,000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.