Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ 14 ක් කොටඋඩ

නිලවරණ 14 ක් කොටඋඩ

නාමල් පතිරගේ - 2020 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමයෙන් වසර 2020 අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් 24ක් අතරින් 14ක්ම, එය මෙතෙක් පවත්වා අවසන් කිරීමට සමත්වී නැතැයි වාර්තාවේ.

ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ජාතික ක්‍රීඩා සංගම් 12ක් පසුගිය අගෝස්තු 31 වැනිදාට පෙර සිය නිලවරණය පවත්වා අවසන් කිරීමට සමත්ව තිබේ.

ජාතික ක්‍රීඩා පනතේ විධිවිධානයන්ට අනුව නිලවරණයක් යෙදෙන වසරේ මැයි 31 වැනිදාට පෙර එය පවත්වා අවසන් කළ යුතුය. එහෙත් ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශය ඒ සඳහා පසුගිය අගෝස්තු 31 වැනිදා දක්වා වන පරිදි සහන කාලයක් ලබා දුන්නේය.

ඒ සඳහා පුර්ව මාර්ගෝපදේශයක් සියලු ජාතික ක්‍රීඩා සංගම් වෙත පසුගිය පෙබරවාරි මාසයේදි පමණ යොමු කිරිමටද ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා සංගම් විෂය භාර සහකාර අධ්‍යක්ෂ අයි. පී. වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. ඒ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතාගේ මග පෙන්වීම යටතේය.

කෙසේ වුවත් මෙම වසරට යෙදී තිබියදී මෙතෙක් නිලවරණ පැවැත්වීමට අපොහොසත් වූ බව ප්‍රකාශවී තිබෙන ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරි පියවර ගැනීමට නියමිතය. එහිදී නිලවරණය මෙතෙක් නොපැවැත්වීම හෝ කල් දැමීමට ගත් තීරණයන්ට සාධාරණ ​හේතු තිබේදැයි විමසීමක් කරමින් එම ඉදිරි පියවර ගැනේ.

ඒ අතර තවත් ජාතික ක්‍රීඩා සංගම් තුනක නිලවරණ ජාතික ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයේ පැවැත්වීම සඳහා මේ වනවිටත් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සමස්ත ජාතික ක්‍රීඩා සංගම් ගණන 70කි. ශ්‍රී ලංකා බාල් නැටුම් (බෝල්රූම්) සම්මේලනයේ ලියාපදිංචිය නොබෝදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබේ.

වසර 2020 අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණ පැවැත්වීමට අපොහොසත්වී ඇතැයි ප්‍රකාශවී තිබෙන නිලවරණ මෙසේය.

 

නිලවරණ දැනටමත් කැඳවා තිබෙන එහෙත් මෙතෙක් එය අවසන් කර නැති ජාතික ක්‍රීඩා සංගම්

ශ්‍රී ලංකා හොකී සම්මේලනය. ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය, ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා කැරම් සම්මේලනය. ශ්‍රී ලංකා බෝල් බැඩ්මින්ටන් සම්මේලනය

නිලවරණය කැඳවීමට මෙතෙක් ක්‍රියාකාරී නොවූ බව පැවසෙන ජාතික ක්‍රීඩා සංගම්

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය, ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය, ශ්‍රී ලංකා හැන්ඩ් බෝල් සම්මේලනය

නිලවරණය නොපැවැත්වුණු ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන ජාතික ක්‍රීඩා සංගම් 

ශ්‍රී ලංකා රෝල් බෝල් සම්මේලනය. ශ්‍රී ලංකා යුනිෆයිට් සංගමය. ශ්‍රී ලංකා පවර් බෝට් සංගමය

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ පැවැත්විමට නියමිත ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය, ශ්‍රී ලංකා සවි එසවීමේ (පවර් ලිෆ්ටින්) සම්මේලනය හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය


අදහස් (0)

නිලවරණ 14 ක් කොටඋඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.