Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාවික හමුදාව පළමු ජය ලබයි

නාවික හමුදාව පළමු ජය ලබයි

editorial - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයේදී නාවික හමුදා පිල ලකුණු 24-14 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් විය.

මෙවර තරගාවලිය ආරම්භයේදී අනපේක්‍ෂිත පරාජ කීපයක් ලැබූ නාවික හමුදා තරග පහකින් ලැබූ පළමු පළමු ජය මෙය වේ.

ජයග්‍රාහි නාවික හමුදා පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු රැස්කළේය. ගුවන් හමුදා පිලට ගෝල දෙකකින් ලකුණු එකතු විය.

ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී වඩාත් සටන්කාමීව ක්‍රීඩා කරමින් එම අර්ධය අවසන් වන විට ලකුණු 14-12 ක් ලෙස පෙරමුණේ සිටිය ද දෙවැනි අර්ධයේදී සාර්ථක වීමට නොහැකි වීම කැපී පෙනුණි.

- 048


අදහස් (0)

නාවික හමුදාව පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.