Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්තයට ගිය පාකිස්තානු පිලේ ක්‍රිඩකයන් 6 දෙනකුට කොරෝනා

නවසීලන්තයට ගිය පාකිස්තානු පිලේ ක්‍රිඩකයන් 6 දෙනකුට කොරෝනා

editorial - 2020 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව ඔවුන් හය දෙනාම නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර හුදකලාව සිටියදී පුහුණුවීම් කටයුතුවල නිරතවීමට ඔවුන්ට අවසර හිමිවී නැත. මෙම කොරෝනා ආසාධිතයන් හය දෙනාගෙන් දෙදෙනෙකුට කළින් සිදුකළ පරීක්‍ෂණවලදී වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබූ අතර ඉතිරි සිව්දෙනා නවතම ආසාධිතයෝ වෙති.

පාකිසස්තානු සංචිතය නවසීලන්තයට ඇතුළුවීමේදී අනුගමනය කළ නියමයන්ට අනුකූලව ඔවුන් හයදෙනා නිරෝධායනය සඳහා හුදකලා මධ්‍යස්ථානයකට ගෙනයනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානු කණ්ඩායම හුදකලාව සිටියදී කල පුහුණුවීම් කටයුතු විමර්ශන අවසන්වනතුරු අත්හිටුවා ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්තය අතර විස්සයි20 තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් පැවැත්වේ. මෙම තරගාවලිය මේ මස 27 වැනිදා (අද) සිට දෙසැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වේ.

දෙසැම්බර් 10 වැනිදා ආරම්භවන පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම අතර පළමු සිව්දින තරගයෙන් නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගාවලිය ආරම්භ වන අතර ඊට සිවුදින පුහුණු තරග 2 ක් තරගාවලියට ඇතුළත්වේ.

නවසීලන්තය සමගින් විස්සයි20 තරගාවලිය දෙසැම්බර් 18 වනදා ඕක්ලන්ඞ්හිදී ආරම්භවන අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 26 වැනිදා සිට ජනවාරී 7 වැනිදා දක්වා පැවැත්වේ.

- 2079

 


අදහස් (0)

නවසීලන්තයට ගිය පාකිස්තානු පිලේ ක්‍රිඩකයන් 6 දෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.