Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන්ගේ එකඟතාව

නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන්ගේ එකඟතාව

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වාදීමට සූදානම් වන නවතම වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට සියලුම ක්‍රීඩකයන් ලිඛිතව කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. මෙම ගිවිසුම දක්‍ෂතා පදනම් කරගැනීම අනුව ගෙවීම් ලබන ගිවිසුමක් බව වාර්තා වේ.

මෙම ගිවිසුම තවමත් සූදානම් කෙරෙමින් පවතින නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට කරුණු දැක්වූ අවස්ථාවේදී ඊට කැමැත්ත පළකරමින් ඔවුන් ලියවිල්ලකට අත්සන් කර තිබේ.

“ගිවිසුම මේ වන විට අපි සකස් කරමින් සිටිනවා. ක්‍රීඩකයන් සියලු දෙනාම එයට කැමැත් පළකරලා තියෙන්නේ. ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර ගිවිසුමට අත්සන් කරනවා”

“කිසි කෙනෙක් විරුද්ධ වුණේ නෑ. දැන් කණ්ඩායම තියෙන තත්ත්වය අනුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් ගෙවලා ක්‍රිකට් ගහන්න ඕනේ”

“මෙහිදී අපි දස්කම් පිළිබඳව පමණක් නොවෙයි විනය පිළිබඳවත් වගන්ති ඇතුළත් කර තිබෙනවා. එහිදී විශේෂයෙන්ම මත්පැන් පානය කිරීම සහ විනය විරෝධී හැසිරීම් පිළිබඳව දැඩි පියවර ගන්න වගන්ති ඇතුළත් කර තිබෙනවා....එම වගන්තිවලට අනුව එවැනි වැරැද්දක් කළ ක්‍රීඩකයා ජ්‍යෙෂ්ඨද කනිෂ්ඨද, කියලා ප්‍රශ්නයක් නෑ ආයෙ ගෙදරම තමයි”යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

වර්තමාන ක්‍රීඩකයන්ගේද වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම පසුගිය මාර්තු 31 වැනි දින අවසන් විය. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සංචිතය ලබන 16 වැනි නම් කිරීමට නියමිතය.  

 


අදහස් (1)

නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන්ගේ එකඟතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.