Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නඩාල් ජයග්‍රහණ 1000 යි

නඩාල් ජයග්‍රහණ 1000 යි

editorial - 2020 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙනිස් ඉතිහාසයේ කේවල ඉසව් 1000 ක් ජයග්‍රහණය කළ සිවුවැනි ක්‍රීඩකයා බවට පත්වීමට ස්පාක්‍ද්ක්‍දයේ රෆායල් නඩාල් පසුගියදා සමත්විය. මින් පෙර ඇමරිකාවේ ජිමී කොනර්ස් (1,274), ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් (1,242) සහ ඇමරිකාවේ ඉවාන් ලෙන්ඞ්ල් (1,068) යන ක්‍රීඩකයෝ මෙම දස්කම කිරීමට සමත්වූහ.

කේවල තරග 1000 ක් ජයග්‍රහණය කිරීම යනු පිටියේ සිටින සියලුම ප්‍රේක්‍ෂකයන් සිය අසුන් වලින් නැඟිට දෙනු ලබන අත්පොළසන් නාදයක ෂතුට සැමරීමක් වූවත් නඩාල්ට මෙම ජයග්‍රහණය සැමරීමට සිදුවූයේ ආසන 20,000 ක ක්‍රීඩාංගණයක, ආසන දෙව්මැදුරක වැනි නිශ්ශබ්දතාවයක් මධ්‍යයේය. කොරෝනා වයිරසය හේතුවෙන් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් හිස්ව පැවතීම ඊට හේතුව විය.

පැරිස් මාස්ටර්ස් තරගාවලියේ හොඳම 32 වටයේදී ඔහුගේ හොඳ මිතුරෙකු වූ ෆෙලිසියානෝ ලෝපෙස් 4-6, 7-6 (5), 6-4ක් ලෙස පරාජය කරමින් නඩාල් ලබාගත් මෙම ජයත් සමගින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

“ජයග්‍රහණ 1,000 ක් පිළිබඳ කතා කරනවනම් ඔබ ඉතා වයසයි. හේතුව තරඟ 1,000 ක් ජයග්‍රහණය කිරීමට නම් ඔබට ඉතා දිගු වෘත්තිය ජිවීතයක් තිබිය යුතුයි. “එයින් අදහස් කරන්නේ මම බොහෝ දේ නිවැරදිව කරලා තියෙනවා. ඒ පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙනවා” යැයි නඩාල් පැවසීය.

”මම බොහෝ දේ ගැන ආඩම්බර වෙනවා, නමුත් ආබාධ සම්බන්ධයෙන් මගේ වෘත්තීය ජීවිතයේ යම් යම් අභියෝග වලට මම මුහුණ දුන්නා ... ඒ නිසා වයස අවුරුදු 34 දී ක්‍රීඩා කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක්.”

ටෙනිස් පිටියේ පැවැති කෙටි උත්සවයකදී අංක 1000 මුද්‍රිත පුවරුවක් ප්‍රදර්ශනය කළ නඩාල් දැල දෙස බලා සිනාසුණු අතර පසුව වෙනත් ඕනෑම තරඟයකින් පසු ටෙනිස් පිටියෙන් ඉවත්ව යන ආකාරයට ඔහු ඉවත්ව පිටියෙන් ඉවත්ව ගියේය.

පසුගිය මාසයේ ප්‍රංශ විවෘත ශූරතාව දිනාගත් නඩාල් මේ වසරේ පැරීසියේදී ලඟා වූ දෙවන සන්ධිස්ථානය මෙය විය.

නඩාල් ඔහුගේ පළමු ජයග්‍රහණය 2002 මැයි මාසයේදී ලබාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 15 ක් විය. පැරගුවේ රාජ්‍යයේ රමොන් ඩෙල්ගාඩෝව පළමු වටයේදීම පරාජය කිරීමට නඩාල් එහිදී සමත්විය. ඉන් වසරකට පසුව, 16 හැවිරිදි නඩාල්, මොන්ටිකාලෝ මාස්ටර්ස්හි දෙවන වටයේ තරගයකදී විදුලි ආලෝකය මධ්‍යයේ ප්‍රංශ විවෘත ශූර ඇල්බට් කොස්ටා පරාජය කරමින් ටෙනිස් ලෝකය මවිතයට පත් කළේය.

වයස අවුරුදු 24 වන විට ඔහු ජයග්‍රහණ 500 ක් ලබාගෙන තිබුණු අතර ඔහුගේ වෘත්තීය දිවියට මාස්ටර්ස් ශූරතා 35 ක් සහ සමස්ත තරගාවලි ජයග්‍රහණ 86 ක් ඇතුළත් වේ.


- 2079


අදහස් (0)

නඩාල් ජයග්‍රහණ 1000 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.