Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධාවන පථය ඇතිරීමට කෝටි 24 ක්

ධාවන පථය ඇතිරීමට කෝටි 24 ක්

Nisanka Sandeepani - 2017 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනයේ ප්‍රධාන ධාවන පථය (මීටර 400) සහ පුහුණු ධාවන පථය (මීටර 200) නවීකරණය කිරීම සඳහා අද මුල්ගල් තබන ලදි. අද පෙරවරු  9.37 යෙදුනු සුභ මොහොතින් වැඩ ආරම්භ කෙරිණ.

ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික ඒකබද්ධතා ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී ඇතිරීමට ඇත්තේ FULL PUR වර්ගයේ ආස්තරණයක් වන අතර එම ආස්තරණය ඇතිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් කෝටි විසිහතරකට මඳක් වැඩි මුදලකට කට (රු 24,48,54,325.00) පිරිනමා තිබේ.  මෙම ආස්තරණය ඇතිරීමේ කොන්ත්‍රාත්තුවේ සම්බන්ධීකරණය ස්විස්ටර්ලන්තයහි විදේශීය සමාගම වන Coica AG ආයතනය විසිනි.
කෘතිම ධාවන පථය ඇතිරීමේ කොන්ත්‍රාත් කාලය දින 180 කි.

 


අදහස් (0)

ධාවන පථය ඇතිරීමට කෝටි 24 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.