Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මාලෝක විදුහල ඉනිමකින් ජයගනී

ධර්මාලෝක විදුහල ඉනිමකින් ජයගනී

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ තෝලංගමුව ඩඞ්ලි සේනානායක මැදි විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කෑගලු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 63 ක ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල සමත් විය.

එහිදී ශ්‍රී ධර්මාලෝක විදුහලේ හසිදු ප්‍රබෝද් (177) ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ අතර එම විදුහලේම කවිදු මල්ෂාන් (66) සහ හෙලංක විදුරංග (63) අර්ධ ශතක ලබාගත්හ.

ඩඞ්ලි සේනානායක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 108
(නිමේෂ් ප්‍රියදර්ශන 35, චමෝද් සුලක්ෂන 42/5, පියුමික මැදවත්ත 14/2, කවිදු මල්ෂාන් 15/2)
 
ශ්‍රී ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 84.3 කදී කඩුලු 7 ක් දැවී 420
(හසිදු ප්‍රබෝද් 177, කවිදු මල්ෂාන් 66, හෙලංක විදුරංග 63, සුභූති නිල්ෂාන් 43, හසිඳු පියුමාල් 34, රවිඳු ප්‍රභාත් 85/3)

ඩඞ්ලි සේනානායක මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 76.4 කදී සියලු දෙනා දැවී 249
(පැතුම් උමයන්ත 78, උවිදු කෞශල්‍ය 77, උදිත කුමාර 24, ලහිරු මහේෂ් 20, පියුමික මැදවත්ත 54/4, හෙලංක විදුරංග 48/3)

-036


අදහස් (0)

ධර්මාලෝක විදුහල ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.