Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජ විදුහල පළමු ඉනිම ජයගනී

දේවපතිරාජ විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහලේ සුදීර වීරරත්න ලකුණු 84 කට කඩුලු 8 ක්ද, ඉරුෂ්ක තිමිර ලකුණු 36 කට කඩුලු 7 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලු දෙනා දැවී 173
(පවන් සදේෂ් 33, සුදීර වීරරත්න 28, ජීවක ශෂේන් 21, කල්ප චේතිය 20, සුමුදු ප්‍රමෝද් 41/3, මිලක්ෂ සෙනාරත්න 52/3, චාමික පෙරේරා 16/2, කවීෂ කල්පන 22/2)

ශ්‍රී දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 144
(කවීෂ කල්පන නොදැවී 31, ෂෙරෝන් හිනිදුමගේ 31, චාමික පෙරේරා 22, සුදීර වීරරත්න 54/4, පවන් සංදේෂ් 21/3, ඉරුෂ්ක තිමිර 17/2)

දේවපතිරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44 කදී සියලු දෙනා දැවී 135
(පවන් සංදේෂ් 55, සසංක නිර්මාල් 35, කල්ප චේතිය 23, ෂෙරෝන් හිනිදුමගේ 39/3, සුමුදු ප්‍රමෝද්  45/3, කවීෂ කල්පන 10/2)
 
ශ්‍රී දේවපතිරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී 84
(බුද්ධි ද සිල්වා 20, ඉරුෂ්ක තිමිර 29/5, සුදීර වීරරත්න 30/4)

-036


අදහස් (0)

දේවපතිරාජ විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.