Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුරස්ථ පාලක ගුවන් යානා - මෝටර් රථ ආකෘති අතර තරගය 01 දා මොරටුවේදී

දුරස්ථ පාලක ගුවන් යානා - මෝටර් රථ ආකෘති අතර තරගය 01 දා මොරටුවේදී

editorial - 2020 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් යානා, මෝටර් රථ සහ බෝට්ටුවල දුරස්ථ පාලක ආකෘති යොදාගනිමින් පැවැත්වෙන ගුවන් යානා, මෝටර් රථ සහ බෝට්ටු  තරගයක් සැප්තැම්බර් 01 වැනිදා මොරටුව හොරේතුඩුවේ රිවර් ග්‍රීන් නිවාඩු නිකේතනයේදී පැවැත්වේ.

ආර්.සී. ෆෝල්කන් පියාසර ක්‍රීඩා සමාජයේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී
ගුවන් යානා සහ බෝට්ටු ඇස්මානයට පෙනෙන තරමට ඈතට යවනු ලැබේ.

වාණිජ අරමුණ ඇතිව කර්මාන්තශාලාවල නිපදවන ගුවන් යානා මෙන්ම ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ තාක්ෂණික ශිල්පීන් විසින් නිර්මාණය කරනු ලබන ගුවන් යානා, මෝටර් රථ සහ බෝට්ටු අතර මෙම තරග පැවැත්වේ.

මේවා අතුරින් වඩාත්ම නිර්මාණශීලී ආකෘති සඳහාද ත්‍යාග පිරිනැමේ.

මෙම ගුවන් යානා, මෝටර් රථ සහ බෝට්ටුවක බර ග්‍රෑම් 500 සිට කිලෝ ග්‍රෑම් 2 ක් දක්වා වන අතර ගුවන් යානා තරමක් බරින් අඩුවෙයි.

මේ සඳහා ගුවන් යානා භාවිතා කෙරෙන බැවින් සිවිල් ගුවන්සේවා අධිකාරියේ පූර්ණ අවසරය ඇතිව මෙම තරගාවලිය පැවැත්වේ.


අදහස් (0)

දුරස්ථ පාලක ගුවන් යානා - මෝටර් රථ ආකෘති අතර තරගය 01 දා මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.