Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිල්ලිය අනතුරුදායකයි - විලියම්සන් මාලදිවයිනට

දිල්ලිය අනතුරුදායකයි - විලියම්සන් මාලදිවයිනට

editorial - 2021 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වනවිට දිල්ලියේ රැඳී සිටීම අනාරක්ෂිත බවට හැඟීයාම හේතුවෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ සෙසු නවසීලන්ත ක්‍රීඩකයන් වන මිචෙල් සැන්ටර්, කයිල් ජැමිසන් සහ කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා වන ටොමී සිම්සෙක් මාලදිවයින බලා ගියහ.

මුල් සැලැස්මට අනුව ඔවුන් කුඩා ජෛව බුබුලක රැඳී සිටිමින් මේ මස 11 වැනිදා එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව සිටියේය.

එහෙත් නියමිත අවසර ලබාගැනීමට නොහැවීම හේතුවෙන් 16 වැනිදා දක්වා ඔවුන්ට ඉන්දියාවේ රැඳී සිටිමට සිදුවී ඇත. එහෙත් දිල්ලියේ රැඳී සිටීම අනතුරුදායක යයි කියමින් කේන් විලියම්සන් ඇතුළු සිව්දෙනා චෙන්නායි පිලට සම්බන්ධ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමගින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.

“කේන් සහ නවසීලන්තයේ තවත් කිහිප දෙනෙකුට දිල්ලියේ ආරක්ෂිත බවක් දැනුනේ නෑ. ඒ නිසා ඔවුන් මාලදිවයිනට පියාසර කිරීමට තීරණය කළා” යැයි සන්රයිසස් හයිද්‍රාබාද්හි නිලධාරියෙක් මාධ්‍යට පැවසීය.


- 2079

 


අදහස් (0)

දිල්ලිය අනතුරුදායකයි - විලියම්සන් මාලදිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.