Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශිකාර් ධවාන් සහ ප්‍රිත්වි ෂෝ දෙදෙනාගේ ප්‍රවේගකාරී ආරම්භය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ තරග 3 ක් අවසානයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටී. මෙම තරගයේදී දිල්ලි කැපිටල්ස් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ෂිකාර් ධවාන් (85) සහ ප්‍රිත්වි ෂෝ (72) දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හෙයින් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් අත්කරගැනීමට දිල්ලි පිලට හැකිවිය.
මේ දක්වා පැවැති තරග තුනේදී දිල්ලි කැපිටල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් තුනම පහසු ජයග්‍රහණ ලබාගත් නමුත් ඕවර 20 කට අඩුවෙන් පන්දුවට පහර දෙමින් තරගය ජයගෙන ඇත්තේ දිල්ලි කැපිටල්ස් පිල පමණි. ඒ අනුව 0.779 ක ශුද්ධ ලකුණු වේගයක් ලබා සිටින දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත.
ඡායාරූප - අයිපීඑල් නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.