Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දින වෙනස් කිරීමේ හැකියාවක් දැන් නෑ

දින වෙනස් කිරීමේ හැකියාවක් දැන් නෑ

editorial - 2021 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්විමට නියමිත එක්දින තරගාවලියේ දින වෙනස් කිරීමට කිසිම ආකාරයකින් හැකියාවක් නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිසාමුදීන් චෞද්‍රි මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය මැයි 23 වනදා ආරම්භ වීමට නියමිතය. තරග තුනම ශ්‍රී බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

තරග විකාශන සමාගමේ සේවයේ නිරත වන්නන්ට බංග්ලාදේශයට පැමිණීමෙන් පසුව දින 14 ක් නිරෝධායනයට ලක්වීමට සිදු වීම හේතුවෙන් තරගාවලිය දින කිහිපයකින් කල් දැමීමට සිදු වනු ඇති බවට මින් පෙර බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.

ගාසී ටීවී සමග පැවැති තරග විකාශන ගිවිසුම පසුගිය වසරේ අවසන් වීමෙන් අනතුරුව මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහා ස්ථීර විකාශන සමාගමක් නැත.  පසුගිය 28 වැනිදා වසර දෙකක කාලයක් සදහා විකාශන කටයුතු පැවරීම වෙනුවෙන් ලංසු කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. ලබන 17 වැනිදා වන විට එහි සියලු කටයුතු අවසන් කර නව සමාගමක් වෙත විකාශන කටයුතු පැවරීමට නියමිතයි.

ඒ අනුව කවුරුන් විසින් එම විකාශන අයිතිය ලබා ගත්තද ඔවුන්ට තරගාවලියේ විකාශන කටයුතු වෙනුවෙන් සේවක පිරිස් රැගෙන ඒමට පවතින්නේ දින පහක පමණ කාලයක් පමණි. සාමාන්‍යයෙන් මෙවැනි කටයුතු සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ සමාගම් සේවකයින් ලබා ගනු ලබන්නේ ඉන්දියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙනි.

“මෙය අනිවාර්යයෙන්ම අභියෝගයක්. කාර්ය මණ්ඩලය ගෙන ඒම සඳහා රජයේ නියමයන්ට අනුව කටයුතු කිරීමට අපි උත්සාහ කරනවා. අපි වෙනත් විකල්ප ගැනද සොයා බලනවා. දැනට ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් රටවලින් කාර්ය මණ්ඩලය ගෙන්වා ගැනිමට අපට පුලුවන්” යැයි චෞද්‍රි මහතා පවසා තිබේ. 

ක්‍රීඩා තරග වලට සහභාගී වන අය නිශ්චිත කොවිඩ්-19 නියමයන් අනුගමනය කළ යුතු අතර නියමිත වේලාවට එම පරීක්ෂණ පැවැත්විය යුතුය. එම පරීක්ෂණ වලදී ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබුණහොත් පමණක් ඔවුන්ට එම තරග සඳහා සහභාගි විය හැකිය. සාමාන්‍ය ජනයා සඳහා එම නියමයන් වෙනස් වෙයි. 

- 2079


අදහස් (0)

දින වෙනස් කිරීමේ හැකියාවක් දැන් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.