Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු සම්මේලනයේ ව්‍යාවස්ථාව වෙනස් කළේ නෑ

දැල්පන්දු සම්මේලනයේ ව්‍යාවස්ථාව වෙනස් කළේ නෑ

editorial - 2020 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල්)

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් අනුව  බ්‍රහස්පතින්දා (11 දා) පැවැත්වීමට නියමිත දැල්පන්දු සම්මේලන විශේෂ මහා සභා රැස්වීමේදී කලින් යොදාගෙන තිබූ පරිදි ව්‍යවස්ථා සංශෝධනය නොකෙරිණ.

මෙතෙක් නිලවරණ පවත්වා නැති සියලුම ජාතික ක්‍රීඩා සංගම්
මේ වසරේ අගෝස්තු 31 ට පෙර නිලවරණ පැවැත්විය යුතු බවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව දැල්පන්දු සංගමයේ මහා සභා රැස්වීමට පෙර අති විශේෂ මහා සභා රැස්වීමක් බ්‍රහස්පතින්දා පැවැත්වීමටනියමිතව තිබිණ. එහි අරමුණ වූයේ ව්‍යවස්ථාව වෙනස් කරගැනීමයි. එහෙත් එම ක්‍රියාමාර්ගය අමාත්‍යාංශ චක්‍රලේඛයට පටහැනි බැවින් ව්‍යවස්ථා සංශෝධනය  නොකොට විශේෂ මහා සභා රැස්වීම පමණක් පැවැති බව දැල්පන්දු සම්මේලනයේ ලේකම් චම්පා ගුණවර්ධන මෙනෙවිය ‘ලංකාදීප’යට පැවසුවාය.

එහෙත් කලින් සකස් කළ න්‍යාය පත්‍රය අනුව වෙරළ දැල්පන්දු සංගමයක් හා ප්‍රවීණයන්ගේ දැල්පන්දු සංගමයක් පිහිටුවීම සඳහා මෙන්ම ඉදිරි නිලවරණය අධීක්ෂනය සඳහා නිලවරණ කමිටුවක් පත්කර ගැනීම ද   ඊයේ  පැවැත්වීමට නියමිත විශේෂ මහා සභා රැස්වීමේදී සිදු කිරීමට නියමිතව තිබිණ.

නෙට්බෝල් ෆෙඩරේෂන් ඔෆ් ශ්‍රී ලංකා (NFSL) යනුවෙන් නම වෙනස් කිරීමට තමයි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉකුත් ජනවාරි මාසය තීරණය කළේ. එය ඇතුළු අදාළ සංශෝධන කීපය සියලුම දිස්ත්‍රික් සංගම් දැනුවත් කිරීමෙන් පසු එම සංගම් විසින් අනුමත කොට අපට දැනුම් දීලා තියනවා.

ඒ අනුව තමයි අපි ව්‍යවස්ථා සංශෝධන කීපයක් අද ඉදිරිපත් කරන්න සුදානමින් හිටියේ. මීට මාස කිහිපයකට පෙර තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සැලසුම් කළේ. නමුත් කොරෝනා ප්‍රශ්නය සහ සම්මේලනයේ නිලවරණ නඩුව පැවති හෙයින් එය කල් දැමීමට සිදු වූවා’’ යැයි චම්පා ගුණවර්ධන  මෙනවිය පැවසුවාය.

‘‘විශේෂ සභා රැස්වීමේදී නිලවරණ කමිටුව පත් කළාට පසු ව්‍යවස්ථා සංශෝධනයකට යන්න බැරි බව අපි දන්නවා. ඒ නිසා තමයි පළමුව ව්‍යවස්ථා සංශෝධනය කරලා දෙවනුව නිලවරණ කමිටුව සහ අලුත් සංගම් දෙක පිහිටුවීමට තීරණය කළේ’’ යැයිද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.


අදහස් (0)

දැල්පන්දු සම්මේලනයේ ව්‍යාවස්ථාව වෙනස් කළේ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.