Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු නිලවරණය ආයෙත් ඉල්ලයි

දැල්පන්දු නිලවරණය ආයෙත් ඉල්ලයි

නාමල් පතිරගේ - 2019 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලෙනයේ පසුගිය අගෝස්තු 28 වැනිදා පැවැති නිලවරණයේදී (2019-20) පත්වූ නිලධාරි මණ්ඩලය අහෝසි කරමින් නැවත විධිමත්ව නිලවරණය කැඳවන ලෙස ඉල්ලා වෙළඳ සේවා දැල්පන්දු සංගමය අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ. එම පෙත්සම මේ මස 25 වැනිදා කැඳවීමට අභියාචනධිකරණය තීරණය කර ඇත.

පැමිණිලි පාර්ශවය ලෙස කටයුතු කරන වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය විසින් ක්‍රීඩා ඇමැතිවරයා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්, නිලවරණ කමිටුව හා අගෝස්තු 28 වැනිදා නිලවරණයෙන් පත්වූ දැල්පන්දු සම්මේලනයේ නිලධාරි මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබේ.

අගෝස්තු 28 වැනිදා පැවැති නිලවරණයේදී දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය ලෙස ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය තේරී පත්වූවාය. කෙසේ වුවත් නිලවරණය කැඳවීමට විරෝධය පළ කරමින් වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය ප්‍රකාශ කර තිබුණේ සිය විරෝධතාව පළාත් අභියාචනා කමිටුව එය කැඳවීම අත්හිටුවීමට නිගමන හා නිර්දේශ ඉදිරිපත් කර තිබූ බවයි.

දැල්පන්දු නිලවරණයේ විරෝධතා විමර්ශනය කළ අභියාචනා කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා කටයුතු කළේය. එහි සෙසු සාමාජිකයන් වූයේ විශ්‍රාමික සහකාර ක්‍රීඩා අධ්‍යක්‍ෂකවරුන්වන කේ.එස්. පීරිස් හා එන්.කේ. අබේසිංහ යන මහත්වරුය.

ඔවුන් සිය නිගමනය හා නිර්දේශය මගින් ඉදිරිපත් කර තිබුණේ නිලවරණයේ නාමයෝජනා කැඳවීම, සාමාජික සංගම් පිළිගැනීම, නාමයෝජනා පිළිගැනීම, දැල්පන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව මෙන්ම ක්‍රීඩා පනතට ද පටහැනි බවයි. ඒ අනුව නිලවරණය තාවකලිකව අත්හිටුවන ලෙසත් අවශ්‍ය නම් තරගාවලි තුනකට සහභාගී විය යුතු යයි දැක්වෙන නිර්නායකය එක් තරගාවලියකට පමණක් සීමා කරමින් නිලවරණයට සහභාගීවීමේ අවස්ථාවක් දැල්පන්දු සම්මේලනයේ සාමාජික සංගම් වෙත ලබාදීම සුදුසු බවටත් අභියාචනා කමිටුව සිය නිර්දේශ මගින් ඉදිරිපත් කර තිබුණි.

වෙළෙඳ සේවා දැල්පන්දු සංගමයේ සභාපතිනි සංජීවනී වනසිංහ මහත්මිය ද පැවැති දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර සිටියත් නිලවරණය පැවැති අවස්ථාවට ඇය සහභාගී නොවුවාය.

අගෝස්තු 28 වැනිදා පැවැති නිලවරණයේදී ඡන්ද බලය හිමිවිය යුත්තේ සම්මේලනයේ ඒ වනවිට ක්‍රියාකාරීව පැවැති අනුසංගම් තුනකට පමණක් යයි එහිදී වෙළෙඳසේවා දැල්පන්දු සංගමය ඉදිරිපත් කළ විරෝධතාවයෙන් කියවුණි.

දැල්පන්දු සම්මේලනයේ සාමාජික අනු සංගම් ගණන 34 කි. එම සංගම් බහුතරයක් ක්‍රියාකාරී නොවන බවට එවකට දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය ලෙස කටයුතු කළ ටි්‍රක්‍ෂි නානායක්කාර මහත්මිය ද ක්‍රීඩා ඇමැතිවරයාට වාර්තාවක් බාරදී තිබුණි.

 


අදහස් (0)

දැල්පන්දු නිලවරණය ආයෙත් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.