Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු නඩුව කල්යයි

දැල්පන්දු නඩුව කල්යයි

editorial - 2019 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(●●  නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ වත්මන් නිලධාරී මණ්ඩලයේ (2019-20) පත්වීම්වලට එරෙහිව වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය අභියාචනාධිකරණයේ පවරා තිබෙන නඩුව කැඳවීම ලබන පෙබරවාරි 10 වැනිදා දක්වා කල් දමා තිබේ.

එම නඩුව කැඳවීම සඳහා ඊයේ (25) දින නියමව තිබියදී එය පෙබරවාරි 10 වැනිදාට කැඳවීමට තීරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා (22) සිදු වූ කැබිනට් සංශෝධයෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇමැති ධුරය ඇතුළු එහි ඉහළ තනතුරු කිහිපයක සිදුවූ වෙනස්කම් සැලකිල්ලට ගනිමිනි.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා ඇමැති සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද නම්කර තිබේ.

පසුගිය අගෝස්තු 28 වැනිදා පැවැති ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය නීති විරෝධී බවත් එහිදී ඡන්ද බලය හිමි විය යුත්තේ අනුසංගම් තුනකට පමණක් බවටත් කරුණු ගොනු කරමින් වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය මෙම නඩුව පවරා තිබේ.


අදහස් (0)

දැල්පන්දු නඩුව කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.