Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දසුන් පැරීසිය හරහා ඇන්ටිගුවාවට

දසුන් පැරීසිය හරහා ඇන්ටිගුවාවට

ශානුක අරවින්ද - 2021 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙම ඉරිදා (7 වැනිදා) රාත්‍රියේ ප්‍රංශය හරහා ඇන්ටිගුවා දිවයින බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකයා වුවද වීසා ප්‍රශ්නයක් හේතුවෙන් විස්සයි-20 තරගාවලියම අහිමිකරගත් දසුන්ට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි විය හැකිය.

ඇන්ටිගුවාහි පවතින නීති රීති අනුව දින 3 ක් අනිවාර්ය නිරෝධායනයේ සිටිය යුතුවන බැවින් දෙවැනි එක්දින තරගයේ සිට ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇතැයි වාර්තා වේ. දෙවැනි එක්දින තරගය 12 වැනිදා පැවැත්වීමට නියමිතය.

පළමු එක්දින තරගය 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද, එහි ලගාවීමෙන් අනතුරුව දින තුනක නිරෝධායන කාලයකට යටත්වීමට සිදුවීම නිසා ශානකට පළමු එක්දින තරගයද මග හැරෙනු ඇත.

ඇමරිකානු වීසා සහිත සිය ගුවන් ගමන් පත්‍රය අස්ථානගත වී තිබීම හේතුවෙන් ශානකට ශ්‍රී ලංකා කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යෑමට නොහැකි විය.

 


අදහස් (0)

දසුන් පැරීසිය හරහා ඇන්ටිගුවාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.