Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාත් මේස පන්දු තරගාවලිය 6 - 7 බලපිටියේදී

දකුණු පළාත් මේස පන්දු තරගාවලිය 6 - 7 බලපිටියේදී

editorial - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



 (කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

එස්.ආර්.මේසපන්දු ඇකඩමිය පළමුවරට සංවිධානය කරනු ලබන දකුණු පළාත් විවෘත මේස පන්දු තරගාවලිය පෙබරවාරි මස 6 සහ 7 දෙදින බලපිටිය රේවත ජාතික පාසල් ස්වර්ණ ජයන්ති ශාලාවේදි පැවත්වේ. තරගාවලිය කාන්තා සහ පිරිමි යන අංශ දෙකින්ම පැවැත්වේ.     

මෙම තරගාවලිය කොවීඩ්-19 ව්‍යසනයෙන් පසුව දකුණු පළාතේ ආරම්භ කෙරෙන පළමු විවෘත ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියයි. මේ තරගාවලියට සහභාගීවිය හැක්කේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනට අයත් දකුණු පළාතේ මේස පන්දු ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පමණි.

තරගාවලිය වයස 8 න් පහළ, 10න් පහළ ,12 න් පහළ, 15න් පහළ 18න් පහළ, 21න් පහළ සහ විවෘත යන අංශ වලින් පැවැත්වේ.

මේ තරගාවලිය සදහා වැඩි විස්තර දුරකතන අංක 0775013619 හෝ 0770232377 ඔස්සේ තරග සංවිධායක සමීර රාජා මහතා අමතා ලබාගත හැකිය.
 
 


අදහස් (0)

දකුණු පළාත් මේස පන්දු තරගාවලිය 6 - 7 බලපිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.