Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාත් කේවල චෙස් තර්ගාවලිය මාර්තු 7, 8

දකුණු පළාත් කේවල චෙස් තර්ගාවලිය මාර්තු 7, 8

editorial - 2020 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය  එම්. සුසිල්  ප්‍රියන්ත)
එස්.එස්.සී. චෙස් ක්‍රීඩා ඇකඩමිය 11 වැනි වරටත් සංවිධානය කරනු ලබන දකුණු පළාත් අන්තර් පාසල් වයස් කාණ්ඩ බාලක, බාලිකා කේවල චෙස් තර්ගාවලිය මාර්තු මස 7, 8 දෙදින මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේදී පැවැත්වේ.

තරගාවලිය වයස 6න් පහළ, 7න් පහළ, 8න් පහළ, 10න් පහළ, 12න් පහළ, 15න් පහළ හා 15න් ඉහළ විවෘත බාලක බාලිකා වශයෙන් තරගාවලිය පැවැත්වේ.

තරගාවලිය  තරග වට පහකි. තරගාවලිය ආරම්භක දිනය වන මාර්තු මස 7 වැනිදා තරග වට තුනක්ද අවසන් දවස වන 8 වැනිදා තරග වට දෙකක් ලෙස මේ තරගාවලිය පැවැත්වේ.

ගාල්ල, මාතර හා හම්බන්තොට දිසා තුනේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මේ තරගාවලියට සහභාගි විය හැකි අතර සෑම වයස් කාණ්ඩයකම ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනාගන්නා බාලක, බාලිකාවකටම රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනමනු ලබයි.

එමෙන්ම ඒ වයස් කාණ්ඩවල දක්ෂතා දක්වන අනෙක් බාලක, බාලිකාවන්ටද විශේෂ පදක්කම් පිරිනමනු ලබයි.

තරගාවලිය පිළිබඳව වැඩි විස්තර තරඟ සංවිධායක දුලංග දිල්හාන් මහතා අමතා  (0712535916) ලබාගත හැකිය.


අදහස් (0)

දකුණු පළාත් කේවල චෙස් තර්ගාවලිය මාර්තු 7, 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.