Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු පාපන්දු සංචිතයේ පුහුණුකරුවන් පත්කිරීම අත්හිටුවයි

දකුණු ආසියානු පාපන්දු සංචිතයේ පුහුණුකරුවන් පත්කිරීම අත්හිටුවයි

නාමල් පතිරගේ - 2021 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය (2021) සඳහා සිය නිර්දේශ ලබා නොගෙන ශ්‍රී ලංකා පුහුණුකරුවන් පත් කිරීමට ගත්  තීරණය පාපන්දු සම්මේලන තාක්ෂණික කමිටුවේ විරෝධය නිසා අත්හිටුවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

මෙම වසරේ සැප්තැම්බර් 14 වැනිදා සිට 25 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමිත සාෆ් පාපන්දු ශූරතා තරගාවලිය සඳහා සහභාගි කෙරෙන ශ්‍රී ලංකා වයස 23න් පහළ පාපන්දු කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස මොහොමඩ් අමුනුල්ලා මහතාත් ගෝල් රකින්නන්ගේ පුහුණුකරු ලෙස සමන් දයාවංශ මහතාත් නිර්දේශ කිරීමට පාපන්දු සම්මේලනයේ විධායක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ඇතුළු එහි  ප්‍රධානීන් පිරිසක් සමග ඊයේ (2) පස්වරුවේදී තාක්ෂණික කමිටුවේ  සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා කළ විශේෂ සාකච්ඡාවකින් පසුව අමුනුල්ලා  හා දයාවංශ යන මහත්වරුන්ගේ  පත්වීම් අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ සිටින සුදුසුකම් ඇති දේශීය පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවා එම පුරප්පාඩු විධායක සභාවේ අනුමැතිය ද ලබා පිරවිය යුතු බවට රෝහිත ප්‍රනාන්දු මහතා ඉදිරිපත්  කළ යෝජනාව එහිදී පාපන්දු සම්මේලනය පිළිගෙන තිබේ. තවත් යෝජනාවක් ලෙස එහිදී ඉදිරිපත් වී ඇත්තේ හැකිනම් ශ්‍රී ලංකා වයස23න්  පහළ පාපන්දු කණ්ඩායම සඳහා විදේශීය පුහුණුකරුවකුගේ සේවය ලබාගත යුතු බවයි.

ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික්, ජාතික පාපන්දු තේරීම් කමිටුවේ සභාපති පොලිස් අධිකාරි අශෝක නැව්ගලගේ යන මහත්වරු ඇතුළු පාපන්දු සම්මේලනයේ කමිටු නියෝජිතයන් පිරිසක් ද ඊයේ සාකච්ඡාවට එක්ව තිබේ.

 


අදහස් (0)

දකුණු ආසියානු පාපන්දු සංචිතයේ පුහුණුකරුවන් පත්කිරීම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.