Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු කනිෂ්ඨ තරග ශ්‍රී ලංකාවේදී

දකුණු ආසියානු කනිෂ්ඨ තරග ශ්‍රී ලංකාවේදී

Nisanka Sandeepani - 2017 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීළඟ දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ලබන වසරේදී (2018) ශ්‍රී ලංකාවේත් එහි ජේ්‍යෂ්ඨ තරගාවලිය ඉන්දියාවේදීත්  පැවැත්වීමට ඊයේ (6 දා) භුබනේෂ්වර්හි රැස්වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ විධායක කමිටුව යෝජනා කර තිබේ. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ලේකම් ප්‍රේමා පින්නවල යන මහත්වරු මෙම යෝජනාවට මූලික කැමැත්ත  පළ කර ඇති අතර ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතියට  යටත්ව එය ස්ථිර කරන බවට ඔවුන් දකුණු ආසියානු මලල ක්‍රීඩා  සම්මේලනයට දැනුම් දී තිබේ.

 ලබන 2018 වසරේ මැයි මාසයේ දී දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට හැකි වෙතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීහු බලාපොරොත්තු  වෙති. එහි ජ්‍යෙෂ්ඨ  තරගාවලිය ලබන 2018 දෙසැම්බර්  මාසයේදී  පැවැත්වීමට හැකියාව ඇතැයි ඉන්දීය මලල ක්‍රීඩා බලධාරීහු විශ්වාසය පළ කරති.

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක් අවසන් වරට පවත්වා ඇත්තේ 2010 වසරේ කොළඹ දී වන අතර ජ්‍යෙෂ්ඨ තරගාවලිය 2002 ඉන්දියාවේ කොචින්හිදී  පවත්වනු ලැබීය. 

  

 


අදහස් (0)

දකුණු ආසියානු කනිෂ්ඨ තරග ශ්‍රී ලංකාවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.