Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දක්ෂතම ක්‍රීඩිකාව කෑගලු බාලිකාවේ චමීෂා

දක්ෂතම ක්‍රීඩිකාව කෑගලු බාලිකාවේ චමීෂා

editorial - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය මැදි විදුහලේදී පැවැති සමස්ත ලංකා සහ ආධුනික බාලිකා මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට කෑගලු බාලිකා විදුහලේ චමීෂා තුෂාධි සමත් වූවාය.
 
බාලක වයස 15 න් පහළ සහ 18 න් පහළ අවසන් මහ තරගවලදී වට 2-1 ක් ලෙස කෑගලු බාලිකා විදුහලේ නවින්දි සෙනෙවිරත්න පරාජය කළ චමීෂා, ඉන් නොනැවතී කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස කෑගලු බාලිකා විදුහලේම ප්‍රාබෝධා මල්ලව පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය.  

හඟුරන්කෙත මැදි විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පී.ජී.ආර්. ජයතුංග මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.


විවෘත තරග ප්‍රතිඵල
■    වයස 8 න් පහළ
යූ. කරුණියා (යාපනය ශාන්ත ජෝන් බොස්කෝ විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස රනුමි පටබැඳිගේ (මහනුවර උසස් බාලිකා  විදුහල) පරාජය කරන ලදි. (11/05, 07/11, 11/03)

■    වයස 10 න් පහළ
මයුමි වීරපරාක්‍රම (කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස තත්සරණි කුමාරි (මහනුවර උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/06, 12/10)

■    වයස 12 න් පහළ
මයුමි වීරපරාක්‍රම (කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස තෙනුමි රුහන්සා (ගම්පහ සිරිකුරස විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/09)

■    වයස 15 න් පහළ
චමීෂා තුෂාධි (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස නවින්දි සෙනෙවිරත්න (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/07, 11/04)

■    වයස 18 න් පහළ
චමීෂා තුෂාධි (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස නවින්දි සෙනෙවිරත්න (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/01, 11/05)

■    වයස 21 න් පහළ
ප්‍රබෝධා මල්ලව (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නිරංජලී දේෂිකා (අනුරාධපුර ඩී සහ එස් මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදි. (11/06, 11/02)

■    කාන්තා කේවල
චමීෂා තුෂාධි (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ප්‍රබෝධා මල්ලව (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/09)

 

ආධුනික තරග ප්‍රතිඵල

■    වයස 8 න් පහළ
හිමාෂි තත්සරණි (ගාල්ල අනුලාදේවී බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පාරමි විජේතුංග (මහනුවර උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/07)

■    වයස 10 න් පහළ
යොෂිණි ජයවර්ධන (මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ප්‍රමුක්ෂි ප්‍රනාන්දු (කොළඹ බිෂොප් විදුහල) පරාජය කරන ලදි. (11/07, 03/11, 11/07)

■    වයස 12 න් පහළ
රොෂේන් ආනෝල්ඩා (මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස උදානි වීරසූරිය (මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/08, 12/10)

■    වයස 15 න් පහළ
උපාධ්‍යා චේතනී (අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස රොෂේන් ආනෝල්ඩා (මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/07, 07/11, 11/05)

■    වයස 18 න් පහළ
උපාධ්‍යා චේතනී (අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස තරුෂි නෙත්මිණි (අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විදුහල) පාජය කරන ලදි. (05/11, 11/06, 11/06)


-036
    

 


අදහස් (0)

දක්ෂතම ක්‍රීඩිකාව කෑගලු බාලිකාවේ චමීෂා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.