Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිමුත්ට ලක්‍ෂ 13 ක දඩයක්

දිමුත්ට ලක්‍ෂ 13 ක දඩයක්

ශනුක අරවින්ද - 2019 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රිය අනතුර සම්බන්ධයෙන් වරද පිළිගත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ටෙස්ට් තරගයක තරග ගාස්තුව වන ඩොලර් 7500 ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඊයේ (02) පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කමිටුව ඊයේ පස්වරුවේ මෙම තීරණයට එළඹිණි.

මෙම දඬුවමත් සමඟ දිමුත් රුපියල් ලක්‍ෂ 13 ක පමණ මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතුය. රිය අනතුරට තමන් වැරදිකරු බව දිමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම්දී තිබුණි.

දිමුත් පැදවූ මෝටර් රථයේ ගැටී පසුගිය ඉරිදා අලුයම ත්‍රිරෝද රථයක් අනතුරට පත්ව එහි රියදුරු තුවාල ලැබීය. ඉන් පසුව බොරැල්ල පොලිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරියේය.

දිමුත් පසුදින එනම් පසුගිය සඳුදා අධිකරණයට ඉදිරිපත් වූ අතර එහිදී ඔහු ඇප මත මුදාහැරීමට අධිකරණය තීරණය කළේය.
අනතුර සිදුවන අවස්ථාවේදී දිමුත් බීමත්ව සිටි බවට පොලිසිය ප්‍රකාශ කර තිබුණි.

 


අදහස් (0)

දිමුත්ට ලක්‍ෂ 13 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.