Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දියගම ක්‍රීඩාංගණය බලන්න ක්‍රීඩා ඇමති යයි

දියගම ක්‍රීඩාංගණය බලන්න ක්‍රීඩා ඇමති යයි

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද (15) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ වනවිට දැඩි අබලන් තත්ත්වයේ පවතින දියගම ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැතිවරයාගේ අවධානයට යොමු වූ අතර ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා ඉක්මනින් නිමකර එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත කරන ලෙස එහිදී ඇමැති මුස්තාපා මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම අවස්ථාවට ක්‍රීඩා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සමග ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.


අදහස් (0)

දියගම ක්‍රීඩාංගණය බලන්න ක්‍රීඩා ඇමති යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.