Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තේරීම් කමිටුව පත්කිරීම මගේ වැඩක් නෙමේ

තේරීම් කමිටුව පත්කිරීම මගේ වැඩක් නෙමේ

නාමල් පතිරගේ - 2021 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීමේ ප්‍රමාදයට තමාගේ වගකීමක් නොමැති බවත් ජාතික තේරීම් කමිටු අනුමත කිරීමේ බලය දැන් ඇත්තේ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු  ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ‘ලංකාදීප’ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පවසා සිටියේය.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙතෙක් ක්‍රීඩා ඇමැතිවරයාට හිමිව තිබූ ජාතික තේරීම් කමිටු අනුමත කිරීමේ බලය ඇමැතිවරයාගෙන් ඉවත්කර එය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට පැවරීමට තමා කටයුතු කළ බවයි.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.
“ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීමේ ප්‍රමාදයක් තිබෙනවා නම් ඒකට ක්‍රීඩා ඇමැතිවරයා හැටියට මගේ වගකීමක් නෑ. තේරීම් කමිටු සඳහා ජාතික ක්‍රීඩා සංගම් මට එවන නාමයෝජනා මම කෙළින්ම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට අනුමැතිය පිණිස යොමු කරනවා.  ඒකයි දැන් සිද්ධ වෙන්නෙ.“

“තේරීම් කමිටු අනුමැතිය ප්‍රමාදයට ජාතික ක්‍රීඩා  සංගම් වගකිව යුතුයි.... බොහෝ ජාතික ක්‍රීඩා සංගම් මේ වැඩේ හරියට කරන්නෙ නෑ... එක්තරා ජාතික ක්‍රීඩා සංගමයක්  තේරීම් කමිටුවට කියලා නාමයෝජනා දෙකක් විතරක් එවලා තිබ්බා. තවත් සමහර ජාතික ක්‍රීඩා  සංගම් පහක් තෝරන එකට නාමයෝජනා තුනක්  විතරක් එවලා තිබ්බා.... මෙහෙම වෙන්නේ සමහර ජාතික ක්‍රීඩා සංගම් තමන්ගේ වගකීම් ගැන අවබෝධයක් නැතිව කටයුතු කරන හින්දයි.“


“දැන් අපි ක්‍රිකට්  පරිපාලනයට උපදෙස් දෙන්න අරවින්ද  ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරලා තිබෙනවා. කුමාර්  සංගක්කාර, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් යන මහත්වරු වගේ ක්‍රිකට් ප්‍රවීනයන් පිරිසක් තමයි එතන කටයුතු කරන්නේ.“

“මින් පස්සේ මේ රටේ ක්‍රිකට් පරිපාලනයට වගේම ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් තීරණ ගැනීමේදී උපදෙස් ලබාදෙන්නේ එම කමිටුවයි. එම කමිටුවේ නිර්දේශ යෝජනාවලියක් අද හෙටම  ක්‍රිකට් ආයතනයට ලබාදෙන්න සූදානම් කරලා තිබෙනවා.“ යයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අසන්ත ද මෙල් මහතා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති තනතුරෙන් ඉවත්වයාමෙන් හිස්ව තිබෙන එම කමිටුවේ ප්‍රධානියා ලෙස මේ වනවිට යෝජනා වී ඇත්තේ 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාය.
දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකා පිලේ හිටපු  කඩුලු රැකීමේ විශිෂ්ටයෙකු වන රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ හා කපිල විජේගුණවර්ධන යන මහත්වරු  තේරීම් කමිටුවට යෝජනා වී ඇති එහි සෙසු සාමාජිකයෝ වෙති.

කෙසේ වුවත් වරුණ වරාගොඩ හා හේමන්ත වික්‍රමරත්න යන මහත්වරු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ අය නොවන අතර කපිල විජේගුණවර්ධන මහතා ටෙස්ට් තරග දෙකකට පමණක් සහභාගි වූ ක්‍රීඩකයෙකි.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිත්වය දරන්නේ ජතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ද වන යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාය.


අදහස් (0)

තේරීම් කමිටුව පත්කිරීම මගේ වැඩක් නෙමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.