Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිසරව යළි කැඳවයි

තිසරව යළි කැඳවයි

යොහාන් භාසුර - 2019 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොදෙව් දූපත්හිදී දැන් පැවැත්වෙන ‘කැරිබියන් ප්‍රීමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝගය අනුව හෙට (18) රාත්‍රීයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 මේ මස 15 වැනිදාට (පසුගිය ඉරිදා) පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිසරට ලිඛිතව දැනුම්දී තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත් තිසර පසුගිය 15 වැනිදා ශාන්ත ලුසියා පිල නියෝජනය කරමින් තරගයකට සහභාගි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ජාතික කණ්ඩායමේ අවශ්‍යතාව මත නැවත තිසර කැඳවූ බවයි.

“අපි ඔහුට කොදෙව් යන්න අවසර දුන්නා. නමුත් ඔහුට අපි 15 වැනිදා තරගයටත් ක්‍රීඩා කරලා එන්න කිව්වා”

“16 වැනිදා ගුවන් යානාවක් වෙන්කර ගැනීමට නොහැකි නිසා දිනයක් ප්‍රමාද වන බව ඔහු අපිට දැනුම් දුන්නා. ඔහු හෙට (18 වැනිදා) රාත්‍රී ලංකාවට එනවා” යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයකු වන තිසර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියෙන් තොරව ‘කැරිබියන් ප්‍රීමියර් ලීග්’ තරගාවලියට සහභාගි වී ඇති බව දැනගන්නට තිබේ. ඒ හේතුවෙන්ම ඔහු පාකිස්තානු සංචාරය සඳහා සංචිතය තේරීමේදී නොසළකා හැරි බවද දැනගන්නට ලැබුණි.  

ජාතික කණ්ඩායමේ අවශ්‍යතාව මත තිසර යළි කැඳවන ලද්දේ යයි කී නමුත් පාකිස්තානය බලා යන ශ්‍රී ලංකා කණ්ඩායමට තිසර ඇතුළත් නොවේ.


අදහස් (0)

තිසරව යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.