Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිසරගේ ටයිගර්ස් පිල හඹා ගොස් ජයගනී

තිසරගේ ටයිගර්ස් පිල හඹා ගොස් ජයගනී

editorial - 2019 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ කර්නාටක ටස්කර්ස් කණ්ඩායම අතර ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය ටයිගර්ස් ක්‍රීඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. වේගවත් පිතිහරඹකන නිරත වෙමින් පන්දු 9 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කළ ටොම් මූරස් ටයිගර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් (40) සහ රිලී රූසොව් (22) ටයිගර්ස් කණ්ඩායම කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 15 කට මුහුණදුන් ෆ්ලෙචර් හයේ පහර 5 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම අලංකාර කළ අතර පන්දු 10 කදී වාර්තා වූ රූසොව්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදීද පිතිකරුවකු ලෙස ආසාර්ථක වූ ටයිගර්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු 5 කදී ලකුණු 3 ක් ලබා සිටියදී සංදීප් ලැමිචහනේගේ පන්දුවක් හමුවේ හෂීම් අම්ලා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. මින් පෙර පැවැති තරගයේදීද ඔහුට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 3 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කර්නාටක ටස්කර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 114 ක් ලබා ගත්තේය. එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 97 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් වූ ජොන්සන් චාල්ස් (57) සහ හෂීම් අම්ලා (නොදැවී 47) සමත් වූහ.  

පන්දු 29 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ චාල්ස් දැවී ගියේ කෙවින් කොත්තිගොඩගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් වයිස් අතට උඩ පන්දුවක් දෙමිනි. පන්දු 29 කදී වාර්තා වූ අම්ලාගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

කර්නාටක ටස්කර්ස් පිල - ඕවර 10 කදී කඩුල්ලක් දැවී 114
(ජොනතන් චාල්ස් 57, හෂීම් අම්ලා නොදැවී 47)

බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 8.5 කදී කඩුලු 5 ක් දැවී 117
(ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 40, රිලී රූසොව් 22, ටොම් මූරස් නොදැවී 28, සංදීප් ලැමිචහනේ 09/2)

-036


අදහස් (0)

තිසරගේ ටයිගර්ස් පිල හඹා ගොස් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.