Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තාවකාලික පුහුණුකරු රුමේෂ්

තාවකාලික පුහුණුකරු රුමේෂ්

රොෂාන් ගුණරත්න - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (7 වැනිදා) පියවර ගත්තේය.

හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමත් සමගින් හිස්වූ පුහුණුකරු ධූරය සඳහා රුමේෂ් රත්නායක මහතා පත් කරනු ලැබූ අතර මෙම පත්කිරීමට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවනන්ගේ පුහුණුකරු වශයෙන් ඔහු කටයුතු කළේය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති රුමේෂ් රත්නායක මහතා ටෙස්ට් තරග 23 කදී කඩුලු 73 ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 70 කදී කඩුලු 76 ක් දවාගැනීමට සමත්වී තිබේ.

 


අදහස් (0)

තාවකාලික පුහුණුකරු රුමේෂ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.