Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ත්‍රිත්ව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ අද (27 වැනිදා) පැවැති තරගයකදී ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 30 ක ජයක් හිමිකරගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. මෙම තරගය අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර තරගය ඕවර 42 කට සීමාවිය.

රනුද සෝමරත්න (නොදැවී 57) අර්ධ ශතකයක් සහ කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර මතීෂ පතිරණ සහ පසන් ගනේපොල කඩුලු 2 බැගින් දවාගනිමින් මහින්ද විද්‍යාලය පරාජය කිරීමට දායක වූහ.

නවෝද් පරණවිතාන ලකුණු 29 කට කඩුලු 4 ක් සහ චේතිය ගුණසේකර ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවද මහින්ද විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

ත්‍රිත්ව විද්‍යාලය - ඕවර 29.3 කදී සියලුදෙනා දැවී 160
(රනුද සෝමරත්න නොදැවී 57, මයික් රේසර් 29, අභිෂේක් ආනන්දකුමාර 24, නවෝද් පරණවිතාන 29/4, චේතිය ගුණසේකර 30/3)

මහින්ද විද්‍යාලය - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී 130
(කවිඳු ලක්ෂාන් 24, ශාක්‍ය සම්පත් 23, මතීෂ පතිරණ 16/2, රනුද සෝමරත්න 1
9/2, පසන් ගනේපොල 32/2)

 


අදහස් (0)

ත්‍රිත්ව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.