Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව ක්‍රීඩකයෝ ඉනිමක පරාජයකින් ගැළවෙති

ත්‍රිත්ව ක්‍රීඩකයෝ ඉනිමක පරාජයකින් ගැළවෙති

ශානුක අරවින්ද - 2021 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 270 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ත්‍රිත්ව විදුහල ඊයේ සවස තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී 115 ක් ලබා සිටියේය.  

ත්‍රිත්ව විදුහලේ පළමු ඉනිම ලකුණු 133 කට සීමා කිරීමට ගිෂාන් බාලසූරිය ප්‍රමුඛ රාජකීය විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ගිෂාන් ලකුණු 104 කට කඩුලු 5 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය විදුහල, තරගයේ පළමු දිනය (4 වැනිදා) නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 403 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා ත්‍රිත්ව විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය.

රාජකීය විදුහල් පළමු ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 362 කට නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට අහන් වික්‍රමසිංහ (නොදැවී 210) සහ සදිෂ රාජපක්ෂ (නොදැවී 152) සමත් වූහ. පන්දු 223 කට මුහුණදුන් අහන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 17 කින් සිය ද්විත්ව ශතකය සැරසූ අතර පන්දු 259 කදී වාර්තා වූ සදිෂගේ ශතකයට සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.  


රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 98 කදී කඩුලු 2 ක් දැවී 403
(අහන් වික්‍රමසිංහ නොදැවී 210, සදිෂ රාජපක්ෂ නොදැවී 152, අෂේන් ගමගේ 22)

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලු දෙනා දැවී 133
(තෙවින් අමරසිංහ 44, ගිෂාන් බාලසූරිය 104/5, කවිඳු පතිරත්න 18/2)

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 6 ක් දැවී 115
(පවන් පතිරාජ නොදැවී 76, ගිෂාන් බාලසූරිය 44/3, ප්‍රෂාන් කල්හාර 29/2)  

 


අදහස් (0)

ත්‍රිත්ව ක්‍රීඩකයෝ ඉනිමක පරාජයකින් ගැළවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.