Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරගාවලි දෙකක් මඟහැරෙයි

තරගාවලි දෙකක් මඟහැරෙයි

editorial - 2019 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම මස අවසානයේදී ලාඕසයේදී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික තරගාවලිය සඳහා වයස අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගිවීමට තිබූ අවස්ථා මඟහැරී ගොස් තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නම් නියමිත දිනයට පෙර යැවීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය අපොහොසත් වීම ඊට හේතුවයි.

2016 වර්ෂයේදී කෙවින් ඩික්සන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාව දිනාගත් අතර 2017 දී නවීන් හේනකන්කානම්ගේ ජයලැබීය. ආසියානු කනිෂ්ඨ රග්බි ක්ෂේත්‍රයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් හොඳම ජයග්‍රහණයයි. පසුගිය වසරේදී ශ්‍රී ලංකා පිලට හිමිවූයේ තුන්වැනි ස්ථානයයි. සුදත් සම්පත් මහතා එහි පුහුණුකරුවා විය.

විශ්වාසදායී ආරංචිවලට අනුව ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ කණිෂ්ඨ ක්‍රීඩා සඳහා කිසිදු අරමුදලක් නැත. දැනගන්නට ඇති පරිදි, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් වගකීම දෙමව්පියන් වෙත භාරකරමින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සඳහා අරමුදලක් අවශ්‍ය බව දන්වා තිබේ. වයස අවුරුදු 18න් පහළ තරගාවලිය ද මේ හා සමාන තත්ත්වයක පවතී. එබැවින් මෙම අවස්ථා දෙකම ශ්‍රී ලංකාවට මගහැරී ඇත.

..


අදහස් (0)

තරගාවලි දෙකක් මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.