Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තක්ෂිලා විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

තක්ෂිලා විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෑගලු විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මැදි විදුහල අතර තක්ෂිලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තක්ෂිලා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ කෑගලු විදුහලේ පසිඳු බස්නායක (නොදැවී 102) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සනුද බණ්ඩාර ලකුණු 81 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දක්සම් දැක්වීය.

කෑගලු විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී සියලු දෙනා දැවී 230
(ලෝචන චරිත් 39, කවිෂ්ක අබේරත්න 29, ගීත් කවින්ද 27, කසුන් බණ්ඩාර 22, චමිඳු රන්මිණ 42/3, උමේෂ් ප්‍රසාද් 45/3, තිසර සචින්තන 55/3)

තක්ෂිලා විදුහල් පළමු ඉනිම - ඕවර 52.1 කදී කඩුලු 9 ක් දැවී 234
(තිසර සචින්තන නොදැවී 52, සසංක අදීප 38, මලිත් කෞශල්‍ය 33, එරංග ජයකොඩි 29, චමිඳු රන්මිනු 26, සනුද බණ්ඩාර 63/5, විරාජ් සදරුවන් 24/2)

කෑගලු විදුහල් දෙවැනි ඉනිම - ඕවර 63 කදී කඩුලු 4 ක් දැවී 200
(පසිඳු බස්නායක නොදැවී 102, සඳරු ෂෙහාන් 50, සනුද බණ්ඩාර 22, චමිදු රවිනු 49/2, තිසර සචින්තන 93/2)

තක්ෂිලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුලු 3 ක් දැවී 49
(එරංග ජයකොඩි 22, සනුද බණ්ඩාර 18/2)

-036

 


අදහස් (0)

තක්ෂිලා විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.